Local

ශිෂ්‍යත්ව ප‍්‍රශ්ණ පිටවීම ගැන තව තොරතුරු රැසක් එලියට..

Saturday, 05 October 2024 - 8:55 pm

2024 සැප්තැම්බර් මස 15 වන දින පවත්වන ලද 05 වසර ශිෂ්‍යත්වය විභාගයට අදාල ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කිහිපයක් විභාගය ආරම්භ වීමට පෙර පිටවීමට අදාලව ඇති වූ ගැටළුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු 2024.09.19 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එයට අදාල විර්මශන කටයුතු එදිනම ආරම්භ කරන ලදි.

ඒ අනුව මේ පිළිබඳ විර්මශන සිදු කර 2024.09.22 වන දින කුරුණෑගල තිත්තවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 58ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් සහ මෙහෙයුම් ලෙස කටයුතු කළ අයෙකි. එසේම ඔහු 05 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සැකසීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබිණි.

තවද 2024.09.24 වන දින අලව්ව තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් වන සැකකරුවෙකු අත්අඩංගුව ගත් අතර ඔහු රජයේ පාසලක ගුරුවරයෙකු සේම උපකාරක පන්ති පවත්වනු ලබන ගුරුවරයෙකුද වේ.

මෙහි පළමු සැකකරු විසින් 05 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සැකසීමට ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න 07 ක් මෙහි දෙවන සැකකරු වෙත ලබා දී තිබූ අතර පළමු සැකකරු ලබා දුන් ප්‍රශන් 07 න් ප්‍රශ්න 03ක් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 05,13 හා 27 ලෙස ඇතුළත්ව තිබූ අතර උපකාරක පන්ති පවත්වන දෙවන සැකකරු විසින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනට පෙර සකස් කර තිබූ ආර්දශ ප්‍රශ්න පත්‍රයක 02,05 සහ 06 ලෙස ඉහත ප්‍රශ්න ඇතුලත්ව තිබී ඇත. එය සමාජ මාධ්‍ය මඟින් ඔහු විසින් පරිපාලනය කරන සමූහයක් වෙත යොමු කර ඇත.

මේ සම්බන්ධව පුළුල් විර්මශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව මඟින් ඉහත පරිදි සිදු කර තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.10.07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. විර්මශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකව පවතීයි.

මෙසේ කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ඉහත සඳහන් ප්‍රශ්න 03ක් පමණක් පිටවී ඇති බවයි. නමුත් මීට අදාලව දෙමව්පියන් විසින් තවදුරටත් වෙනත් ප්‍රශ්නද පිටවී තිබෙන බව සඳහන් කරන අවස්ථාවන් විවිධ විරෝධතා වලදී මෙන්ම සමාජ මාධ්‍ය මඟින්ද නිරීක්ෂණය වී ඇත.

මෙම ප්‍රශ්න 03ට අමතරව මෙවර ශිෂ්‍යත්ව ‌විභාග ප්‍රශ්ණ පත්‍ර වල ලබා දී තිබූ වෙනත් ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳව විභාගයට පෙර බාහිරට අනාවරණය වී ඇති බවට සාක්ෂි දන්නා අයෙකු සිටීනම් 2024.10.07 වන දිනට හෝ ඊට පෙර දිවයිනේ පිහිටි පොලිස් කොට්ඨාස වල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයන් වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කල හැකි අතර කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය මඟින් එම පැමිණිලි සටහන් කොට අදාල විමර්‌ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කෙරෙනු ඇත.

මෙහිදී සාක්ෂි ලෙස ඕනෑම උපකරණයක් හෝ ලේඛණයක් ඉදිරිපත් කල හැකි අතර තමා ඒ පිළිබඳ දන්නා ඕනෑම තොරතුරක් ලබා දීමට හැකිය. කොට්ඨාස භාර නිලධාරී කාර්යාලය වෙත යාමට යම් අපහසුතාවයක් ඇති පුද්ගලයෙකු සිටී නම් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිලි හෝ තොරතුරු ඉදිරිපත් කරන ලෙස පොලිසිය මහජනතාව වෙත දන්වා සිටියි.

මීට අදාල උපදෙස් වැඩබලන පොලිස්පති තුමා විසින් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති අතර ඒ පිළිබඳ විමර්ශන කඩිනමින් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT