Local

සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා TIN අංකය අනිවාර්යය කිරීමට පියවර

Tuesday, 20 May 2025 - 6:38 pm

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8 ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්පත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘතකිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම් අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන ඇතුළත් කිරීමට එසේ අනුමැතිය හිමිව තිබෙනවා.

2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම පිණිස වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී තිබෙන අතර, බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8ක ප්‍රමාණය නොඉක්මවන ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්, එවැනි තැන්පත්කරුවන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් අපහසුතාවට ලක් වන බව නිරීක්ෂණය වී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම ගැටලුව සඳහා විසඳුමක් ලෙස බදු නිදහස් සීමාවට වඩා පහළ මට්ටමක ආදායම් සහිත පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT