Local

ලංගම 66 වැනි සංවත්සරයට විශේෂ ආගමික වැඩසටහනක් රුවන්මැලි සෑය අබියසදී

Monday, 08 January 2024 - 10:17 am

ලංකා ගමනාගමන මණ්ඩලයේ හැට හය වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රුවන්මැලි සෑය අබියසදී පැවැත්විණි.

රටට, ජනතාවට සහ ආයතනයට ආශීර්වාද පිණිස රුවන්වැලි සෑය වෙනුවෙන් කප්රුක් පූජාවක් සිදු කළ අතර, දිවයිනේ සියලුම ලංගම ඩිපෝ මඟින් අට පිරිකර 750කට අධික ප්‍රමාණයක් රුවන්මැලි සෑයට පූජා කිරීම සහ විශේෂ ආශීර්වාද පූජාවක් ද මෙහිදී සිදු කෙරිණි. රුවන්මැලි සෑය චෛත්‍යරාමාධිපති, ශාස්ත්‍රපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, වත්තේවැවේ සුමන නායක ස්වාමීන් වහන්සේ විසින් ආගමික වතාවත් මෙහෙයවූහ.

රුවන්මැලි සෑය චෛත්‍යරාමාධිපති, ශාස්ත්‍රපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, රුවන්මැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුවට ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ධාවනයට එක් කරන ලද නව බස් රථය ගමන් ආරම්භ කිරීම ද මීට සමගාමීව සිදු විය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, එස්. එම්. චන්ද්‍රසේන, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහත්වරු ද, ආයතනයේ සේවය කළ හිටපු සභාපතිවරුන් ඇතුළු නිලධාරීහු ද, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීහු ද, කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ද මේ වැඩසටහනට එක්ව සිටියහ.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT