Local

ප්‍රදේශ කිහිපයකින් අයිතිය නැති වාහන හමුවෙයි

Monday, 14 October 2024 - 9:18 am

නුවරඑළිය නගරයේ නිවසක ගාල් කර තිබූ සැකසහිත ජීප් රථයක් නුවරඑළිය පොලීසිය ඊයේ (12) සිය භාරයට ගෙන තිබේ.

හිටපු කැබිනට් ඇමතිවරයෙකුගේ ඥාතියෙකුගේ නිවසේ රථය ගාල් කර තිබූ අතර පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ ඊට අදාළ නීත්‍යනුකූල ලියවිලි කිසිවක් නොතිබූ බව පොලීසිය පවසයි.

මේ අතර පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ ගරාජයක වසර ගණනාවක සිට නවතා තිබූ ජීප් රථයක් සහ මෝටර් රථයක් පැල්මඩුල්ල පොලීසිය අද (13) සිය භාරයට ගෙන තිබුණි.

එම වාහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලකයෙකුගේ හිතවතෙක් ගරාජයට ගෙන එන්නට ඇති බවට සැක පළ කරන අතර පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

එමෙන්ම ඕපනායක පල්ලෙකන්ද පාසල් පාර කැන්දේකැටිය ප්‍රදේශයේ නිවෙසක නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් 1997 දුරකථන අංකයට ලද තොරතුරක් මත ඕපනායක පොලීසිය විසින් සිය භාරයට ගනු ලැබීය.

පොලීසිය පැවසුවේ, එහි චැසි අංකයට අදාළ වාහනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT