Local

බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් වගේම­ අ­මා­ත්‍යාංශ ලේකම් සහ ජනා­ධි­පති ලේක­ම්වත් අත්අ­ඩං­ගු­වට ගත යුතුයි

Thursday, 12 June 2025 - 10:17 am

ජනා­ධි­පති සමාව නොදුන් සිර­ක­රු­වෙක් නිද­හස් වීමේ සිද්ධි­යට අදා­ළව වග­වීම සඳහා බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් අත්අ­ඩං­ගු­වට ගත්තා නම් ඒ විදි­ය­ටම අමා­ත්‍යාංශ ලේකම් සහ ජනා­ධි­පති ලේක­ම්වත් අත්අ­ඩං­ගු­වට ගන්න ඕනේ යැයි පිවි­තුරු හෙළ උරු­මයේ නායක, හිටපු ඇමැති උදය ගම්ම­න්පිල මහතා පැවැ­සීය.

ඒ මහතා මෙසේ පැවැ­සුවේ ඊයේ (11) එම පක්ෂ කාර්යා­ලයේ පැවැති මාධ්‍ය හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැ­සීය.

“අනු­රා­ධ­පුර බන්ධ­නා­ගා­රයේ ජනා­ධි­පති සමාව ලබා නොදුන් සිර­ක­රු­වකු නිද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් අධි­කා­රි­ව­ර­යාත්, බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාත් අත්අ­ඩං­ගු­වට ගන්න ආණ්ඩුව තීර­ණය කළා. කවුද වැරදි කියලා තේරුම් ගන්න නම් ජනා­ධි­පති සමාව දීමේ ක්‍රියා­ව­ලිය මුලින්ම තේරුම් ගන්න ඕනෙ. සමාව දීමේ නිර්ණා­යක සඳ­හන් කර මේ නිර්ණා­ය­ක­ව­ලට අයිති සිර­ක­රු­වන්ගේ ලැයි­ස්තු­වක් ජනා­ධි­පති ලේකම්ට එවන්න කියලා ජනා­ධි­පති ලේකම් විසින් අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ ලේකම්ට ලිපි­යක් යව­නවා. ඒ ලිපිය අමා­ත්‍යාංශ ලේකම් බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල්ට යව­නවා. කොම­සා­රිස් ජන­රාල් මේ ලිපිය සෑම බන්ධ­නා­ගා­ර­ය­කම අධි­කා­රි­ව­රුන්ට යව­නවා. එත­කොට ඒ නිර්ණා­ය­ක­ව­ලට අදාළ වන සිර­කරු ලැයිස්තු හදන අධි­කා­රි­ව­රුන් ජන­රාල් සහ ලේකම් හරහා ජනා­ධි­පති ලේකම්ට යව­නවා. ජනා­ධි­පති ඒකට අත්සන් කර­නවා. ඒ ලැයි­ස්තුව නැවත ජනා­ධි­පති ලේකම් අමා­ත්‍යාංශ ලේකම් සහ කොම­සා­රිස් ජන­රාල් හරහා බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­රුන්ට යනවා. එහෙම නම් සිර­කරු නමක් හොරෙන් ඇතුළු කරන්න පුළු­වන් හතර දෙනකු ඉන්නවා. ජනා­ධි­පති ලේකම්, අධි­ක­රණ ලේකම්, කොම­සා­රිස් ජන­රාල් සහ බන්ධ­නා­ගාර අධි­කාරි. නම ඇතුළු කළේ බන්ධ­නා­ගාර අධි­කාරි නම් අධි­කාරි අත්අ­ඩං­ගු­වට ගන්න ඕනෙ. හැබැයි කොම­සා­රිස් ජන­රාල් අත්අ­ඩං­ගු­වට ගන්න හේතු­වක් නෑ. නම ඇතුළු කළේ කොම­සා­රිස් ජන­රාල් නම් කොම­සා­රිස් ජන­රාල් ඇතුළේ ඉන්න අතරේ අධි­කාරි එළියේ ඉන්න ඕනෙ. මේ දෙන්නාම එක­වර ඇතුළේ ඉන්න පුළු­ව­න්ක­මක් නෑ. වග­වීම යටතේ බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් අත්අ­ඩං­ගු­වට ගත්තා නම් මේ කාර­ණ­යට සම්බන්ධ ඊටත් ඉහ­ළින් තවත් දෙදෙ­නකු ඉන්නවා. ඒ තමයි අමා­ත්‍යාංශ ලේකම් සහ ජනා­ධි­පති ලේකම්. වග­වීම සඳහා බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් අත්අ­ඩං­ගු­වට ගත්තා නම් ඒ විදි­ය­ටම අමා­ත්‍යාංශ ලේකම් සහ ජනා­ධි­පති ලේක­ම්වත් අත්අ­ඩං­ගු­වට ගන්න ඕනෙ.”

රන්මලී සෝම­සිරි


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT