Local

‘මාතෘභූමිය වෙනුවෙන් මගේ ඡන්දය නාමල්ටයි..’- සනත් නිශාන්ත බිරිද පොහොට්ටු වේදිකාවේ…

Friday, 06 September 2024 - 7:39 pm

‘මාතෘභූමිය වෙනුවෙන් පෙනී ඉන්න නාමල් රාජපක්ෂට මගේ ඡන්දය ලබාදෙනවා’ යයි අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතාගේ බිරිද චමරි පෙරේරා මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් පල කළේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පුත්තලම කඩයාමොට්ට හන්දියේ පැවති ජනරැළිය අමතමිනි.

මේක රටේ තීරණාත්මක මැතිවරණයක් වෙනවා. 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළා. හමුදාවට වැඩිම තරුණ තරුණියන් පිරිසක් එකතු වුණේ මේ වයඹ පළාතෙන්. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඒ නිසා එතුමාට සලකන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට ණය නැහැ. යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා මේ රට සංවර්ධනය කරන්නත් කටයුතු කළා.

2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා පරජායට පත්වූ පසුව මෛත්‍රීපාල සිරිසේන් මහතා බලයට ආවා. 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගන්න සමත් වුණා. කෙසේ වුවත් පැවැති තත්ත්වය හේතුවෙන් 2022 වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වෙන්න අපේ දේශපාලන බලවේගය උදව් කළා. මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. නාමල් රාජපක්ෂත් ඒ ජනාධිපතිවරණ සටනේ ඉන්නවා. අපි පළමුව බලන්නේ මාතෘභූමියයි.

මාතෘභූමිය වෙනුවෙන් පෙනී ඉන්න නාමල් රාජපක්ෂට මගේ ඡන්දය ලබාදෙනවා. නාමල් රාජපක්ෂ හැර අනෙකුත් අපේක්ෂකයන් සියලු දෙනා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා කියනවා. නමුත් එය ක්‍රියාත්මක නොකරන බවට නාමල් රාජපක්ෂ කෙලින්ම කියනවා. ඒ අනුව මේ ඡන්දය ඔහුට ලබාදෙනවා.

මහින්ද මහත්තයා දකුණේ දී වගේම උතුරට ගිහිල්ලත් බය නැතිව කරන දේ කියනවා. කියන දේ කරනවා. අපි සැමට එක හා සමානව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අද රටේ තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතාත් ඒ පිළිබදව කතාකර තිබෙනවා.

මේ රටේ විධායක ජනාධිපතිවරු පස්දෙනෙක් යටතේ යුද්ධ කළා. එදා අපේ ජීවිතවලට විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා නිසා අපි අද විශ්වාසයෙන් කතා කරනවා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර ආරක්ෂා කරන්න ඕනෑම කැපකිරීමක් කරනවා.


Top Stories
wedivistara

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට තීරණයක්

wedivistara

සැකකරු අත්අඩංගුවට ගත්තාද නැද්ද කියන එක මේ වැඩ වර්ජනයට අදාළ නෑ - GMOA

wedivistara

හමුදාවෙන් පළාගිය පුද්ගලයින් 875 ක් අත්අඩංගුවට

wedivistara

අනුරාධපුර රෝහ​ලේ වෛද්‍යවරිය දූෂණය ක​ළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 05 ක් යොදවයි

wedivistara

මම ඔබේ හතුරෙක් නෙවෙයි, මිතුරෙක් - දිලිත්

wedivistara

අපේ ප්‍රතිපත්තිය පාසල් 10,000ට කෝටිපතියෝ 10,000ක් හොයන එක නෙවෙයි - කෞෂල්‍යා ආරියරත්න

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

දේශබන්දු පිළිබඳ තොරතුරක් ඇතොත් CID වෙත දැනුම්දෙන්​න - පොලීසිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර


NEWS ALERT