Local

කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල පෙන්වන්න ජනාධිපති ලේකම් ගෙන් අදාළ බලධාරීන්ට උපදෙස්

Saturday, 23 December 2023 - 4:27 pm

මෙතෙක් පැවති කෘෂිකාර්මික වැඩසටහන් මෙන් අතරමග නතර නොවී, කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර නිශ්චිත ප්‍රතිඵල පෙන්වීමට අවශ්‍ය මගපෙන්වීම් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පැන නැගිය හැකි ගැටළු අදාල රේඛීය ආයතන හා සම්බන්ධ වී කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසද ඒ මහතා පැවසීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම උපදෙස් ලබා දෙනු ලැබූවේ ඊයේ (21) ජනාධිපති කාර්යාලයේදී පැවති කෘෂිකාර්මික අංශය නවීකරණය පිළිබඳ පළාත් ප්‍රධානීන්, දිස්ත්‍රික් ප්‍රධානීන් සහ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 26ක ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.

කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සම්බන්ධයෙන් ජාතික මට්ටමින් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් , අග්‍රමාත්‍යවරයා, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ සියළු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගෙන් සමන්විතව ස්ථාපිත කර ඇති කමිටුවට අමතරව කෘෂිකාර්මික නවීකරණ දැනුම හා සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස කෘෂිකර්ම නව්‍යකරණ ලේකම් කාර්යාලයක්ද ස්ථාපිත කිරීමට නියමිත බව මෙහිදී අනාවරණය කෙරිණි. ඊට ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවට එහා ගිය කාර්යභාරයක් පැවරෙනු ඇත.

මීට අමතරව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට අවශ්‍ය නීති කෙටුම්පත් සිදු කරමින් පවතින බවද අවධාරණය කෙරිණි.

එමෙන්ම මෙම නවීකරණ කටයුතු සඳහා ප්‍රධාන අමාත්‍යාංශ 08ක් යොදා ගැනීමට නියමිත බවත් දෙපාර්තමේන්තු 08ක සහයෝගය සහිතව තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 26ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් සඳහන් කරනු ලැබීය.

මෙම සාකච්ඡාවට එක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනී සේනානායක මහතා විසින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පා සිටින කෘෂිකාර්මික ගැටළු පිළිබඳව විශේෂ දේශනයක්ද සිදු කළේය.

2024 වර්ෂයේ කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ නැංවීමට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් එම කාර්යයට පමණක් සීමා නොවී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, රේඛීය ආයතන ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තෝරාගෙන ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT