Local

වරප්‍රසාද ඕනමද..? – හිටපු ජනපතිලාගෙන් විමසයි

Saturday, 19 October 2024 - 10:15 am

හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව සිය වරප්‍රසාද සහ ඒවායේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනකු දැනටමත් ඒ සම්බන්ධයෙන් එම කමිටුවට කරුණු ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් දැනට පවතින අණ පනත් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කමිටුව ඉකුත් දා පත්කරනු ලැබීය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා සභාපතිත්වය දරන මෙම ත්‍රිපුද්ගල කමිටුවේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති. මෙම කමිටුව සකස් කරන වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එම වරප්‍රසාද සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා හා වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පත අනුව එම හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ විශ්‍රාම වැටුපක්, නිල නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම්වරයකු සදහා වන වේතන පමණි. එහෙත් පසුගිය කාලවලදී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට බොහොමයක් වරප්‍රසාද ඇතුළත් කර ජල බිල්පත්, විදුලි බිල්පත් පවා රජයේ වියදමින් ගෙවීම් කර තිබූ බව දැනගන්නට ඇත. ඒ අනුව, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ එක් එක් ආරක්ෂක කොට්ඨාස සඳහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් ගණන ද ආරක්ෂාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ වෙනත් අමාත්‍යාංශයක් හෝ විසින් අනුයුක්ත කරනු ලැබ ඇති වාහන සංඛ්‍යාව ද මෙම කමිටුව විසින් සොයා බැලෙනු ඇත. එමෙන්ම එම ආරක්ෂක කොට්ඨාස සඳහා කුලී පදනම මත ගොඩනැගිලි ලබාගෙන ඇත්නම් ඒ සදහා වැයවන මාසික කුලිය සහ සපයා ඇති වෙනත් පහසුකම් සම්බන්ධයෙන් ද සොයා බැලේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති කමිටුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද මේ සම්බන්ධයෙන් දැනටමත් කරුණු විමසීමක් කර ඇතැයි වාර්තාවේ. හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය නඩත්තුව සඳහා (2022 – 2024) යන වසර තුනේදී පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි විසි හතක් බව මහ බැංකු වාර්තාවල සඳහන් වේ. එම වාර්තාවට අනුව මෙම පිරිස නඩත්තුව සඳහා 2022 වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් කෝටි හතකි. 2023 වර්ෂයේදී එම මුදල රුපියල් කෝටි අටකට වැඩි මුදලක් දක්වා ද මෙම වර්ෂයේ එම මුදල රුපියල් කෝටි 11 දක්වා ද වර්ධනයවී ඇත. වාර්තාවන අන්දමට මෙම හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වෙන් කර ඇති මුදල පසුගිය කාලයේදී සියයට 45 කින් පමණ වර්ධනයවී ඇත.


Top Stories
wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

wedivistara

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Trending
wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

wedivistara

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

wedivistara

පොල් මිල යළිත් ඉහළට

wedivistara

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

wedivistara

දුමින්ද බන්ධනාගාර රෝහලට


NEWS ALERT