Local

ගංවතුර ආධාර බෙදාගන්න පොරකති.. ගුටිකෙලියකින් අයෙක් මරුට..

Tuesday, 15 October 2024 - 9:02 pm

ජා ඇල, ඒකල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් (14දා) සවස ඇතිවූ ගැටුමකදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර කා බරපතළ තුවාල සහිතව රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ජා ඇල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, ඒ කල, ගම්පහ පාරේ අංක 78/ B ලිපිනයේ පදිංචිව සිටි අමරසිංහ ආරච්චිගේ නුවන් කුමාර (අවු.45) නමැත්තෙකි.

මහවැසි නිසා පීඩාවට පත්වූවන්ට පිසූ ආහාර මෙන්ම වියළි ආහාර බෙදමින් විශාල පිරිසක් ඒකල තොග වෙළෙඳසැලක් අසල රැස්ව සිටි අතර, මේ අවස්ථාවේ දෙපිරිසක් අතර ඇති වූ කතා බහක් දුරදිග ගොස් ඇති වූ ගැටුමින් පුද්ගලයෙකු මරණකරුට පහරදී අනතිබවට තියුණු මූලික හෙළිවී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනා ගෙන ඇතත් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධියට සැකකරණ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් මත ජා ඇල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බවන්ත රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් ජාඇල පොලීසියේ ව්ශේෂ කාර්යංශ ඒකකයේ සහ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT