Local

රජයේ සේවකයන් වෙනුවෙන් නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

Thursday, 11 January 2024 - 5:37 pm

රාජ්‍ය සේවයේ නිරතවන සේවකයන් වෙනුවෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා

මෙම චක්‍රලේඛය අනුව කාර්යාලගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳී සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර තිබෙනවා

එමෙන්ම පස්වරු 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු අතර මහජනතාවට සේවය සැපයීමේදී ගැටලු ඇතිනොවන සේ ආචාරශීලීව කටයුතු කළ යුතු බවද එහි සඳහන් වනවා .

ඊට අමතරව රාජකාරි කාලය තුළදී සිය කාර්යාල හැඳුනුම්පත පැළඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධරයන් සිය නිල ඇඳුමින් සැරසී පැමිණිය යුතුයි.

මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනය තුළ සෑම රාජ්‍ය ආයතනයකම පහළ මට්ටමේ නිලධාරියාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා වූ සෑම තරාතිරමකම නිලධාරීන් කාර්යාලයේ රැඳීසිටීම අත්‍යවශ්‍ය බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වන අතර එදිනට අසනීප හෝ නොවැළැක්විය හැකි කරුණක් වෙනුවෙන් හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවාඩු අනුමත නොකිරීමට ආයතන ප්‍රධානියා වගබලා ගත යුතු වනවා .

මෙදිනට වෙනත් රැස්වීම් වැඩමුළු හා උත්සව ආදිය සංවිධානය නොකළ යුතු බව ද ඒවා සඳහා සහභාගිවීමටද කාර්යාලයෙන් බැහැරව නොයා යුතු බව ද දන්වා තිබෙනවා

රජයේ නිලධාරීන් සේවයට පැමිණීමේදි රාජ්‍ය සේවයේ ගරුත්වය රැකෙන පරිදි සුදුසු සංවරශීලි ඇඳුමකින් සැරසී පැමිණිය යුතු බව ද මෙම චක්‍රෙල්ඛයේ වැඩිදුරටත් සඳහන් වන අතර එම චක්‍රලේඛය පහතින් කියවිය හැකියි


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT