මෙවර රජය වී මිළදී ගැනීමේ ක්‍රියාවලියේදී රජය සහතික කරන වී මිළට රජයේ ගබඩාවලට සැලකිය යුතු වී ප්‍රමාණයක් ලබාදෙන බවට ගොවි නායකයින් එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
වී කිලෝ එකක නිෂ්පාදන වියදමට තුනෙන් එකක් එකතු කර ගොවින්ට සාධාරණ වී මිළක් ලබාදෙන බවත් එය ඉතිහාසයේදි නොවුනු දෙයක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම ගොවියා අදාළ තෙත බව ඉවත් කර ගබඩාවට වී ගෙන ආ විට වී කිලෝ එකකට අමතරව රුපියල් දෙකක මුදලක් ගෙවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.