Local

පොලිස් මූල­ස්ථා­නය කොම්ප­ඤ්ඤ­වී­දියේ ගුවන් හමුදා බිල්ඩි­මට

Saturday, 16 March 2024 - 8:08 am

පොලිස් මූල­ස්ථා­නය දැනට පිහිටි කොළඹ කොටු­වෙන් ඉවත් කර ගුවන් හමුදා මූල­ස්ථා­නය පැවති කොම්ප­ඤ්ඤ­වී­දියේ ගොඩ­නැඟි­ල්ලට රැගෙන යෑමට නිය­මි­තය. අක්කර 3ක භූමි ප්‍රමා­ණ­යක් පුරා විහි­දුණු හා තට්ටු 12ක ගොඩ­නැ­ඟි­ල්ල­කින් සම­න්විත ගුවන් හමුදා මූල­ස්ථාන පරි­ශ්‍රය පොලි­සි­යට (15) නිල වශ­යෙන් භාර දෙනු ලැබීය.

ඊට අදාළ ලේඛන ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ සහ පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­ත්ව­රුන් අතර ඊයේ දින හුව­මාරු කර­ගැ­නී­මක්ද සිදු විය.

ඊට අදාළ ලේඛන ගුවන් හමු­දාවේ පරි­පා­ලන අධ්‍යක්ෂ ජන­රාල් එයාර් වයිෂ් මාර්ෂල් මනෝජ් කැප්පෙ­ටි­පොල සහ පොලිස් මූල­ස්ථාන පරි­පාල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කැළුම් තිල­ක­රත්න මහ­ත්ව­රුන් විසින් එම හුව­මා­රු­වට පෙර අත්සන් තබනු ලැබීය. මේ අව­ස්ථා­වට ආර­ක්ෂක ලේකම් ජෙන­රාල් (විශ්‍රා­මික) කමල් ගුණ­රත්න, මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් වියානි ගුණ­ති­ලකද සහ­භාගි වුහ. මේ අව­ස්ථාව සල­කුණු කර­මින් පොලි­ස්පති හා ගුවන් හමු­දා­පති අතර සමරු තිළිණ හුව­ම­රු­වක් සිදු වූ බවත් සියලු දෙනාම සමූහ ඡායා­රූ­ප­ය­ක­ටද පෙනී සිටිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය නිවේ­ද­නය කළේය. පොලිස් මූල­ස්ථාන ගොඩ­නැ­ගිල්ල කොම්ප­ඤ්ඤ­වී­දියේ ගොඩ­නැ­ගි­ල්ලට රැගෙන යෑමෙන් අන­තු­රුව පොලිස් මූල­ස්ථා­නය පිහිටි මාර්ගය වාහන ගම­නා­ග­ම­න­යට විවෘත කිරී­ම­ටද නිය­මිත බවද අනා­ව­ර­ණය විය.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT