Local

ඇමති ප්‍රසන්නගෙන් හබරණ තුන් නිවුන් දරුවන්ට නිවසක්

Thursday, 16 May 2024 - 4:24 pm

තුන් නිවුන් දරු උපතක් බිහි කළ හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි ගැසූ නිවසක ජීවත් වන ගිහානි සුපේෂලා කුමාරිට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

එම අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතාට ඇමතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අද උදෑසන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අදාල පවුල ජීවත්වන නිවස සම්බන්ධයෙන් පළව තිබූ ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු වීමෙන් පසුවයි.

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි පවසන්නේ මෙම පවුලට ස්ථිර නිවසක් ලබා දීමට කටයුතු කරන බවයි. දැනටමත් ඊට අදාල තොරතුරු වාර්තා ලබා දෙන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරුට උපදෙස් ලබා දී ඇතැයිද සභාපතිවරයා කියයි.

තුන් නිවුන් දරු උපතක් බිහි කළ මව සහ ඔහුගේ සැමියා ඇතුළු දරුවන් හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජීවත් වන අතර රාත්‍රිය ගසක් උඩ පැලක ජීවත් වන බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි.


Top Stories
wedivistara

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට ආරම්භ වෙයි

wedivistara

හදිසි අන­තු­රු­ව­ලින් වස­ර­කට ලක්ෂ 10ක් රෝහ­ලට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

wedivistara

අවුරුදු 16 ක් පරණ ගුවන් යානයක් ගෙනල්ලා, රවුම් තුනක් ගියපු එකටත් උත්තර දෙන්න වේවි - නාමල්

wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT