Local

මීගොඩ ආර්ථිකයේ කොල්ලයට කෝටිපතියන් 3ක් ඇතුළු 6ක් අල්ලයි

Monday, 19 February 2024 - 9:02 am

පැය 48කට රැඳවුම් නියෝග

මහ මොළකරු තිස්ස මිරිස් වෙළෙන්දෙක්

දෙදෙනෙක්ම අවන්හල් හිමිකරුවෝ

පැදිකරු අද අධිකරණයට

අයකැමිවරියට වෙඩි තැබූ අවිය වෑබඩ නිවෙසකින් සොයාගෙන

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය 12 වෙනිදා කඩා වැදී එහි පිහිටි වෙ‍ෙළඳසලක් කොල්ලකා මුදල් අයකැමිවරියට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුත්, යතුරු පැදියේ පැදිකරුත් ගිනිඅවිය සමඟ අත්අඩංගුවට ගනිමින් එම කොල්ලය මෙහෙය වූ ව්‍යාපාරිකයන් තිදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මීගොඩ පොලිසියේ නිලධාරීන් සමත්ව ඇත. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙ‍ෙළඳසැලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අතඅඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයින් තිදෙනකු ඇතුළු පස් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංගා මද්දුමපටබැඳි මෙනවිය ඊයේ (18) දින අවසරය ලබා දුන්නාය.

මෙලෙස රඳවා ගැනීමේ අවසර නියම වූයේ කෝටිපති ව්‍යාපාරිකයන් වන තිස්සමහාරාම යෝධකණ්ඩිය පදිංචිකරුවකු වන නිහාල් විජේසිංහ වැලිපොතේවල, ඉඹුල්ගොඩ ඉහළ ඉඹුල්ගොඩ පදිංචිකරුවකු වන දිලාන් සංජීව තෙන්නකෝන්, කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සෙනරත් ආරච්චිගේ සිසිර කුමාර සහ යුද හමුදාවෙන් පලා ගිය සෙබළකු වන තිස්සමහාරාම යෝධකණ්ඩිය උල්පත පදිංචිකරුවකු වන බැද්දේ කම්කානන්ගේ දිමුතු නිරෝෂන්, පැදිකරු ලෙස කටයුතු කළ තිස්සමහාරාම කොහොඹ පැලැස්ස අනුරා හැන්දිගේ සුජිත් කුමාර නමැති සැකකරුවන් පස් දෙනා වෙත වේ. මෙම පැදිකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ ප්‍රදේශයේ දී ඊයේ බැවින් ඔහුව අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වෙඩික්කරුත්, යතුරුපැදිකරුත් මෙම කොල්ලය මෙහෙය වූ ව්‍යාපාරිකයෙක් සහ කොල්ලයට ආධාර හා අනුබල දුන් අයෙක් ගිනිඅවියද සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත මාරසිංහ කුමාර සහ කතරගම විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩික්කරුටත්, පැදිකරුටත් රැකවරණය දෙමින් ඔවුන්ව සඟවාගෙන සිටි මෙම කොල්ලය ඇතුළු තවත් කොල්ලකෑම් කිහිපයක්ම මෙහෙයවූ බව කියන තවත් ප්‍රධාන සැකකරුවෙක් සහ කොල්ලකරුවන් එදා මීගොඩ කොල්ලය සහ තවත් කොල්ලකෑම් දෙකකට ගමන් කළ යතුරුපැදිය සඟවාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.

මීගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම අවන්හල් හිමිකරුවන් බව පොලීසිය කියයි. යතුරුපැදිය කඩවත කිරිල්ලවල පිහිටි අවන්හලක සඟවා තිබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවන්හල් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා ඉඹුල්ගොඩ පදිංචිකරුවෙකි. එම අවන්හල් හිමිකරු අවුරුදු 39ක් වයසැති අයෙකි. එම අවන්හලේ කාමරයක තිබී කොල්ලකරුවන් පරිහරණය කළ හිස්වැසුමක් පිහියක් සහ කමිසයක්ද සොයා ගෙන තිබේ. වෙඩික්කරු සහ යතුරුපැදිකරුට නවාතැන් පහසුකම් සපයමින් මෙම කොල්ලයන් මෙහෙයවූ බව කියන දෙවැනි සැකකරුව මීගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිල්ලවල වෑබඩ ප්‍රදේශයෙනි. එම පුද්ගලයාද අවන්හල් හිමිකරුගේ මිතුරෙක් බවත් ඔහු අවුරුදු 44ක් වයසැති පුද්ගලයෙක් බව පොලිසිය කියයි. එම පුද්ගලයා දිමුතු නිරෝෂන් නමැති අයෙකි. ඔහුද අවන්හල් හිමිකරුවෙක් බව මීගොඩ පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී මාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් විසින් ඔවුන්ට ලද විමර්ශන තොරතුරු ඔස්සේ වෙඩික්කරුව හඳුනාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොඩකවෙලිනි. යුද හමුදා සේවයේ සිටි පුද්ගලයෙක් වන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු මත වෑබඩ සැකකරුගේ නිවසේ සඟවා තිබී මුදල් අයකැමිවරියට වෙඩි තැබූ ෂොට්ගන් වර්ගයේ ගිනිඅවියද සොයාගෙන තිබේ. මෙම කොල්ලය ඇතුළු කොල්ලකෑම් කිහිපයක්ම මෙහෙයවා ඇතැයි කියනු ලබන ඔහු සිසිර කුමාර නමැති අයෙකි. ගිනිඅවිය සඟවා තිබී ඇත්තේ ප්ලාස්ටික් බටයක දමා රෙද්දකින් ඔතාය. එම ගිනිඅවියේ බැරලය කපා එය කොට කර සකස් කර තිබී ඇත. මෙම කොල්ලය මෙහෙය වූ තවත් අයෙක් වන නිහාල් විජේසිංහ නමැති ව්‍යාපාරිකයකු සහ කොල්ලයට ආධාර හා අනුබල දුන් බව කියන අයෙකුව විශේෂ කාර්ය බළකායේ කතරගම කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොටදීය. ඔවුන් දෙදෙනා තිස්සමහාරාමයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

විමර්ශනවලින් හෙළි වී ඇති ආකාරයට අනුව මීගොඩ කොල්ලයේ මෙහෙය වූ මහමොළකරු ලෙස හඳුනාගෙන ඇත්තේ තිස්සමහාරාමයේ මිරිස් වෙ‍ෙළඳාමේ නිරත පුද්ගලයෙකි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් මෙම කොල්ලයට ඔත්තු බැලූ කිහිප දෙනෙක් සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත. ඒ අයවද කොටුකර ගැනීමට විමර්ශන පැවැත්වෙන බව සඳහන්ය. මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන කොල්ලය සැලසුම් කර ඇත්තේ විශාල මුදලක් කොල්ලකෑමේ අපේක්ෂාව ඇතිවය. එහෙත් ඔවුන්ට කොල්ලකෑමට හැකියාව ලැබී ඇත්තේ රුපියල් 45,900ක මුදලක් පමණි. මේ නිසා ඔවුන් ඊට පසුදින පූගොඩ පොලිස් වසමේ හංවැල්ල පාරේ පැපිලිවල පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට කඩා වැදී රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමක් ඇති රන් භාණ්ඩ කොල්ලකා ඇත. එම රන් භාණ්ඩ උකස් කර වෙඩික්කරුට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් පමණක් බවද අනාවරණය වී ඇත.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කොල්ලය සිදු කර කොල්ලකරුවන් දෙදෙනා පැමිණ ඇත්තේ කිරිල්ලවල අවන්හලට බවත් පූගොඩ කොල්ලය සඳහා ගොස් ඇත්තේ වෑබඩ සිට බවටත් තොරතුරු අනාවරණය වී තිබේ. මෙම කොල්ලකරුවන් දෙදෙනා විසිර ගොස් ඇත්තේ පූගොඩ කොල්ලයෙන් පසුව බවත් හෙළි වී ඇත. සොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී හඳුනාගත් පිරිසක් එක්ව මෙම කොල්ලකෑම් සැලසුම් කරමින් සිදු කරන බවත් ඒ අතර, ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම සිටින බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ තවත් අපරාධ රැසක සහ ඔවුන් ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කළ අපරාධවලද තොරතුරු හෙළි වෙමින් ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර පළාත් උතුර කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. සේනාධීර මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත මාරසිංහ මහතාගේ නායකත්වයෙන් පොලිස් පරීක්ෂක ගුණතිලක, උප පොලිස් පරීක්ෂක මධුසංක පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර (27823), රාජපක්ෂ (5237), පොලිස් කොස්තාපල්වරුන් වන චමිල (21539), විජේසිංහ (27260), සේනාධීර (24513), උදය කුමාර (31815) පොලිස් කොස්තාපල් රියැදුරු සජිත් (13965) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීමට සම්බන්ධව ඇත.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT