Local

ආර්ථික තත්ත්වය යහපත් බැවින් අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

Thursday, 07 March 2024 - 7:36 am

රජය විසින් අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසීය.

ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වී සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය සමයේ සංවර්ධන ව්‍යාපෘති කිසිවක් ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් මේ වන විට ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන නිසා අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු රජය ක්‍රියාත්මක කර තිබෙනවා.

චීන ආධාර යටතේ සිදු කෙරෙන කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිවාස 2000 ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු අප කළා. මහල් නිවාසවල ජීවත් වන සියලුම දෙනාට ඔප්පු ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම “කඳුකර දශකය” සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ දිවයින පුරා ග්‍රාමීය මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කිරීමට නියමිතයි. එමෙන්ම වෙරළ සංවර්ධනය සහ පහත් බිම් සංවර්ධන කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වීමේ ප්‍රතිපත්තිය යටතේ කොළඹ හිල්ටන් හෝටලය පෞද්ගලික අංශයේ ආයෝජනයකට ලබාදීම සඳහා සූදානම් කර තිබුණා. ඒ අනුව එම ආයෝජනයට මේ විටත් ව්‍යාපාරිකයන් සිව් දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. නමුත් රජය බලාපොරොත්තු වන මූල්‍ය ආයෝජනය එහිදී අනිවාර්යෙන් ලැබිය යුතුයි.ඒ වගේම අප අමාත්‍යාංශය යටතේ තිබෙන හයට් හෝටලයේ වැඩ කටයුතු මේ වන විට 50%ක් අවසන් කර තිබෙනවා.

ඒ සඳහා ද ආයෝජකයෙකු සොයමින් සිටිනවා. ලෝටස් කුළුණ සිට ලේක්හවුස් වටරවුම දක්වා ඩී.ආර් විජේවර්ධන මාවතේ දෙපස සංවර්ධනය කිරීමට ආයෝකයින් සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

තවද කොළඹ බේරේ වැව පවිත්‍ර කිරීමේ ජපන් ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු ද මේ වන විට අවසන් කර තිබෙනවා. එම ව්‍යාපෘතිය ලබන මාසයේ දී ආරම්භ කිරීමට හැකි බව ද සඳහන් කළ යුතුයි.

සුළු වර්ෂාවකට පවා යට වෙන කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමට අප අමාත්‍යාංශය මඟින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. නමුත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙන ආකාරයට එහි ඉදිරි වැඩ කටයුතු අවසන් කිරීමට අප සූදානමින් සිටිනවා.

ඒ වගේම ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වී සිටින බව ද කිව යුතුයි. මේ වන විට රටේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් තිබෙන බැවින් ආයෝජකයන් මෙරටට ආකර්ශනය වනු ඇති බවට විශ්වාස කරනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT