Local

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 කට නායයෑම් අනතුරු

Sunday, 02 June 2024 - 11:30 am

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක් සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම නායයෑම් අනතුරු ඇඟවීම් (02) අලුයම 04 සිට  (03) අලුයම 04 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත් වන්න (රතු)

කොළඹ දිස්ත්‍රික්කය:
– පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය:
– මතුගම
– ⁠ඉංගිරිය
– ⁠පාලින්දනුවර
– ⁠බුලත්සිංහල

රත්නපුර දිස්ත්‍රික්කය:
– ⁠කුරුවිට
– ⁠ඇලපාත
– ⁠කිරිඇල්ල
– ⁠අයගම
– ⁠ඇහැළියගොඩ
– කලවාන
– ⁠රත්නපුර

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානයෙන් සිටින්න (ඇම්බර්)

කොළඹ දිස්ත්‍රික්කය:
– ⁠සීතාවක

හම්බන්තොට දිස්ත්‍රික්කය:
– වලස්මුල්ල

කළුතර දිස්ත්‍රික්කය:
– ⁠වලල්ලාවිට
– ⁠හොරණ

මහනුවර දිස්ත්‍රික්කය:
– ⁠උඩපළාත

කෑගල්ල දිස්ත්‍රික්කය:
– දෙහිඹ්විට
– ⁠දැරණියගල

මාතර දිස්ත්‍රික්කය:
– මුලටියන
– ⁠පිටබැද්දර
– ⁠කොටපල

නුවර එළිය දිස්ත්‍රික්කය:
– අඹගමුව
– ⁠කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
– ⁠ඉඹුල්පේ

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

ගාල්ල දිස්ත්‍රික්කය:
– තවගම
– ⁠නියගම
– ⁠ඇල්පිටිය
– ⁠නාගොඩ
– ⁠නෙළුව

හම්බන්තොට දිස්ත්‍රික්කය:
– කටුවන

කළුතර දිස්ත්‍රික්කය:
– දොඩංගොඩ
– ⁠අගලවත්ත

මහනුවර දිස්ත්‍රික්කය:
– ⁠පස්බාගෙ කෝරළය
– ⁠ගඟ ඉහළ කෝරළය
– ⁠උඩුනුවර
– ⁠ගඟවට කෝරළය
– ⁠යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
– යටියන්තොට
– ⁠බුලත්කොහුපිටිය
– ⁠රුවන්වැල්ල
– ⁠රඹුක්කන
– ⁠වරකාපොළ
– ⁠ගලිගමුව
– ⁠අරණායක
– ⁠මාවනැල්ල
– ⁠කෑගල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
– මාවතගම
– ⁠රිදීගම

මාතර දිස්ත්‍රික්කය:
– පස්ගොඩ
– ⁠අකුරැස්ස

නුවර එළිය දිස්ත්‍රික්කය:
– ⁠නුවර එළිය

රත්නපුර දිස්ත්‍රික්කය:
– ⁠බලංගොඩ


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT