Local

දේශබන්දුට තවත් ලෙඩක් වැටේ..

Friday, 02 August 2024 - 1:40 pm

තමාට සපයා ඇති ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසි කම් පෙත්සමක් සම්බන්ධයෙන් අගෝස්තු 9 දින අධිකරණ හමුවේ කරුණු දක්වන ලෙස ජාතික පොලිස් කොමිසම, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ආරක්ෂක ලේකම්, විශ්‍රා මික ජනරාල් කමල් ගුණරත්න මහත්වරුන්ට නොතිසි දන්වා යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (01) නියම කළේය.
රිය අනතුරක් සිදු කොට තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට පැමිණිලි කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ මේ දැනුම් දීම කරන ලදි.
සිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත. කෝදාගොඩ යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
එහිදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජය සූටය මහතා සඳහන් කළේ පෙත්සම්කරු පිවිත අවදානමකට මුහුණ දී ඇති බවයි.
රිය අනතුරකට ලක් වූ ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති අතර, ඒ හේතුවෙන් සෑම මොහොතකම ඔහුගේ ජීවිතය අනාරක්ෂිත බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
මේ වන විට තම සේවා දායකයාට දී ඇති ආරක්ෂාව දැනට උද්ගත වී ඇති තත්ත්වය යටතේ කිසි සේත් ප්‍රමාණවත් නොවන බැවින් ඔහුගේ ජිවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් අගෝස්තු 9 දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නියෝග කරමින් වග උත්තරකරුවන්ට නොතීසි යවන ලෙස ජනාධිපති නීතිඥව- රයාට නියම කළේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසක් මෙහි වග උත්තර කරුවෝ වෙති


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT