Local

අවුරුදු නැකත් සීට්ටුවේ නැකතට පැළ සිටුවීමේ චාරිත්‍රය ඇමැති අතින්

Friday, 19 April 2024 - 7:48 am

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වන නැකතට පැළ සිටුවීමේ සමාරම්භක උත්සවය (18) පෙරවරු 10.16ට යෙදුණු සුබ නැකතින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රයේ දී පැවැත්විණි. එහිදී ඇමැතිවරයා විසින් සුබ නැකතින් ගොවිජන මන්දිර පරිශ්‍රයේ දී පලතුරු පැළ රෝපණය කිරීම සිදු කෙරිණි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති කාදර්, අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී ඇමැති මහින්ද අමරවීර පැවසුවේ 2020 වසරේදී පරිසර ඇමැතිවරයාව සිටියදී පළමු වරට පැළ සිටුවීමේ නැකත සිංහල දෙමළ අලුත් අවුරුදු සීට්ටුවට ඇතුළත් කිරීමට තමන්ට හැකි වූ බවයි. එදා මම ජාතික නැකත් කමිටුවට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව පැළ සිටුවීමේ නැකත දැන් වෙනමම නැකත් චාරිත්‍රයක් ලෙස පවත්වාගෙන එනවා. පරිසර ඇමැතිවරයා විදිහට මගේ ඉලක්කය තිබුණේ අපේ වන ගහනය 30%ක් දක්වා වර්ධනය කිරීමේ ඉලක්කය ජය ගැනීමයි. ඒ නිසා මා ප්‍රකාශ කළේ, කුමක් හෝ පැළයක් රෝපණය කරන ලෙසයි. වර්තමානයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැතිවරයා විදිහට ජනතාවගෙන් ඉල්ලන්නේ, කුමන හෝ පැළයක් නොව ඵලයක් දෙන පැළයක් රෝපණය කරන ලෙසයි. 2018 මම කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී කොස් පැළ මිලියනයක් වගා කිරීම ආරම්භ කළා. එදා රෝපණය කළ කොස් ගස් අද ඵල දෙන තත්ත්වයට වර්ධනය වී තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යට‍තේ රට පුරා ඇති සෑම ආයතනයකම කාර්යාල පරිශ්‍ර තුළ මේ ජාතික රුක් රෝපණ නැකතට සමගාමීව ඵලයක් දෙන පැළයක් සිටුවීම සිදු කරනවා.’ යැයි ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT