Local

වෙඩි වැදී මිය ගිය රියදුරුගේ ඥාතින්ට වැඩබලන පොලිස්පතිගෙන් මිලියනයක්

Saturday, 20 January 2024 - 10:17 am

නාරම්මල ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් මිය ගිය ලොරිරථයේ රියදුරුගේ පවුලේ ඥාතීන් වෙත වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර ඇත.

එසේම ඊයේ (19) සිට ක්‍රියාත්මකවන පරිදි මෙම සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් හඹාගෙන ගොස් එම ලොරි රථය නැවැත්වූ අවස්ථාවේ උපපොලිස් පරීක්ෂකවරයා සතු ගිනිඅවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරාට වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වී තිබිණි.

මෙම වෙඩි තැබීමෙන් මිය ගියේ ලොරි රථ රියදුරෙකු වන 41 හැවිරිදි තිදරු පියෙකි. ඔහු මහරච්චිමුල්ල – වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

මේ සම්බන්ධයෙන් උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර, ඔහු නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියේ දී පොලිස් නිලධාරීන් අත්තනෝමතික ලෙස ක්‍රියාකර ඇත්දැයි සොයා බැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා තිබේ.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT