Local

භීෂණ යුගයක් නැවත එන්න දෙන්නෙ නෑ.. ජනපති රනිල් ගෙන් තරුණයින්ට පොරොන්දුවක්!

Monday, 25 March 2024 - 7:33 am

‘තරුණ අපේ අනාගතය’ මැයෙන් තරුණ එකමුතුව (United Youth) විසින් සංවිධානය කළ

පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන අද පොළොන්නරුව සුදු අරලිය හෝටලයේ විවෘත අංගනයේ දී පැවැත්වුනු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම හමුව සඳහා සහභාගී වී ඇත.

 

ඊයේ සිට පොළොන්නරුවට ඇද හැලුනු අධික වර්ෂාව නිසා වැව් තාවුල්ලේ පැවැත්වීමට කටයුතු යෙදූ මෙම වැඩසටහන කල් දැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබුනද ජනාධිපතිවරයා කියා ඇත්තේ එය වෙනත් ස්ථානයක හෝ අද දින පවත්වන ලෙස ය. ඒ අනුව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් ඔහුගේ සුදු අරලිය හෝටලය ඒ සඳහා ලබාදී ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 1500කට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වී ඇත.

 

WhatsApp Image 2024 03 23 at 21.07.392

 

තරුණ එකමුතුව සංවිධානයේ වැඩසටහන දේශපාලන කතා පවත්වන ආකාරයෙන් සිදු නොවන අතර තරුණ තරුණියන් විසින් සෘජුවම ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීම මෙහි ඇති විශේෂත්වය වේ.

'තරුණ එකමුතුව' ජ්‍යෙෂ්ඨ අනුශාසක සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර විසින් අරමුණ පැහැදිලි කිරීමෙන් පසුව තරුණ තරුණියන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාව ඇරඹී ඇත.

 

WhatsApp Image 2024 03 23 at 21.07.461

 

ඒ අනුව අද දින විශාල තරුණ පිරිසක් තම ප්‍රශ්න ජනාධිපතිවරයා වෙත යොමු කළ බව වාර්තා වන අතර ඉන් ප්‍රශ්න සහ පිලිතුරු කිහිපයක් පහත වේ.

 

 

සර්... සංචාරකයින්ව  අලි බලන්නට කියල එක්ක යන්නෙ  යන්නේ හබරණට. ඒත්  අලි බලනවනම් ගම්වලටයි එන්න ඔින. මම දිඹුලාගල. අලි ඉන්නෙ අපේ ගම් ඇතුලෙ. සංචාරකයො ගමට එක්ක එනවනම් අඩු තරමෙ ගමේ මිනිස්සුන්ට කීයක් හරි හම්බ කරගන්නත් පුළුවන්...

 

ජනාධිපති -

ගම්වල අලි ඉන්න එක හොඳයිනේ.. දැන් ඉස්සරහට ඡන්දෙකුත් එනවනේ...ගමේ අලි වැඩිකරගන්න..

 

 

සර් මගේ පවුලෙ හය දෙනෙක් ජේවීපී එකෙන් මරල තියෙනව. අපේ ගෙවල් ගිනි තියල. අපි හරි අමාරුවෙන් ජීවත්වෙන්නෙ. මම ලෝ කොලේජ් ගියා කොහොම හරි.

 

ජනාධිපති -

තවම බයෙන් ද ජීවත්වෙන්නෙ?

 

ඒ ඇතිවෙච්ච භය  යන්නෙ නැහැ සර්...

 

ජනාධිපති -

බය වෙන්න එපා. ආයෙ භීෂනයක් එන්න දෙන්නෙ නැහැ. දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නය කුඩු ප්‍රශ්නය. අපි ඒක ඉවර කරනවා. පොලිසියට දේශපාලනය කරන්න දෙන්නෙ නැහැ. පොලිසිය කරන්නෙ මහජන සාමය රකින එක. දැනටමත් ගම්වල හොරකම් 50%කින් අඩුවෙලා තියෙන්නෙ.

 

සර් මට සෘජුව උත්තරයක් දෙන්න.

මම කවදාවත් ඡන්දය පාවිච්චි කරල නැහැ. ඒත් මේ පාර සර්ට ඡන්දය දෙන්න ඔින කියල හිතුව. පළවෙනි වතාවට. මේ රට ගොඩගන්න සර්ට පුළුවන්ද? කෙලින් උත්තරයක් දෙන්න.

 

ජනාධිපති - ඔව්. මම මේ රට ගොඩගන්නව.

 

මෙම අවස්ථාව සඳහා යුනයිටඩ් යූත් සංවිධානයේ තරුණ නිළධාරී මණ්ඩලය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇතුළු පිරිසක්ද සහභාගී වී ඇත.

 

WhatsApp Image 2024 03 23 at 21.07.34WhatsApp Image 2024 03 23 at 21.07.36WhatsApp Image 2024 03 23 at 21.07.40WhatsApp Image 2024 03 23 at 21.07.42WhatsApp Image 2024 03 23 at 21.07.43WhatsApp Image 2024 03 23 at 21.07.54WhatsApp Image 2024 03 23 at 21.07.55WhatsApp Image 2024 03 23 at 21.07.341WhatsApp Image 2024 03 23 at 21.07.431WhatsApp Image 2024 03 23 at 21.07.481WhatsApp Image 2024 03 23 at 21.07.541WhatsApp Image 2024 03 23 at 21.17.161

WhatsApp Image 2024 03 23 at 21.07.35WhatsApp Image 2024 03 23 at 21.07.38WhatsApp Image 2024 03 23 at 21.07.46WhatsApp Image 2024 03 23 at 21.07.47WhatsApp Image 2024 03 23 at 21.07.49WhatsApp Image 2024 03 23 at 21.07.50WhatsApp Image 2024 03 23 at 21.07.51WhatsApp Image 2024 03 23 at 21.07.351WhatsApp Image 2024 03 23 at 21.07.391WhatsApp Image 2024 03 23 at 21.07.401WhatsApp Image 2024 03 23 at 21.07.411WhatsApp Image 2024 03 23 at 21.07.451WhatsApp Image 2024 03 23 at 21.07.491


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

මහින්ද අමරවීරගෙන් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

wedivistara

2024 පළමු කාර්තුවේ රාජ්‍ය අදායම් ඉලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් ලඟා කරගැනීමට හැකි වී තිබෙනවා – රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

wedivistara

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා – ජනපති

wedivistara

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ

wedivistara

ඉරාන – ශ්‍රී ලංකා ජනපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්

Trending
wedivistara

මැයි දිනය සැම­රී­මට සියලු පක්ෂ සූදා­න­මින්

wedivistara

යකඩ පොලු­ව­ලින් පුද්ග­ල­ය­කුට පහර දුන් දෙන්නා කුඩු ජාවා­රම් චෝද­නා­වට රිමාන්ඩ්

wedivistara

රඹු­ක්යා­යේදී ඇල්ලූ ජාවාරමා රඳ­වා­ගෙන ප්‍රශ්න කිරී­මට අව­සර

wedivistara

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති ඇමැති ටිරාන් අලස් හමු­වෙයි

wedivistara

මහ­ජන විරෝ­ධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනු­මත කරන්න බෑ

wedivistara

අලුත් අවු­රු­ද්දෙන් පසු දරු­වන් අතර පාච­නය පැති­රීමේ අව­දා­න­මක් විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා


NEWS ALERT