Local

බන්ධනාගාරගත කර සිටියදී රෝහලෙන් පැන ගිය සැකකරු, බීමතින් රිය පදවා නැවත අත්අඩංගුවට

Saturday, 25 January 2025 - 10:36 am

බන්ධනාගාර ගතකර සිටියදී පලාගිය සැකකරුවෙකු, බීමතින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තඹුත්තේගම පොලිස් වසමේ, අනුරාධපුරය - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ, කෝන්වැව ප්‍රදේශයේදී, බීමත්ව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් යතුරුපැදියක්ද සමග අදාල සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම බීමත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අත්අඩංගුවට ගත් යතුරුපැදියද ඊයේ (24) අනුරාධපුර පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරුපැදියක් බවට අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සැකකරු බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන, කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, බන්ධනාගාරගත කර සිට ඇති බවද, එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුලත් කර සිටියදී, බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බවද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන කුරුණෑගල - අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවයි සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT