Local

ධීවර කර්මාන්තය සඳහා නවීන තාක්ෂණයෙන් යුත් බහුදින යාත්‍රාවක් ළඟදීම හඳුන්වා දෙනවා

Thursday, 14 March 2024 - 7:53 am

  • ලොරෙන්සෝ පුතා – 4 යාත්‍රාවේ සිටි ධීවරයන් ලංකාවට ගෙන ඒමට කඩිනමින් පියවර – ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා.

නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පැවසීය.

ලොරෙන්සෝ පුතා – 4 යාත්‍රාවේ සිටි ධීවරයින් ඉතා ඉක්මණින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නීතිපතිවරයා හරහා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

ධීවර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන්, මත්ස්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ‍ යාම හා ධීවර උපකරණ මිල ඉහළ යාම නිසා ධිවර ජනතාවගේ ආදායම් තත්ත්වයට යම් බලපෑමක් සිදුව තිබෙනවා. නමුත් එම තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් තිබෙනව බව ද කිව යුතුයි.

නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සැලසුම් කරමින් තිබෙනවා. එම කාර්යය අවසන් වු පසු නව ධීවර යාත්‍රාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. ධීවර යෙදවුම් කළමනාකරණය තුළින් තිරසාර ධීවර කර්මාන්තයක් පවත්වාගෙන යාම මෙහි අරමුණයි.

ඒ වගේම ලෝක ආහාර සංවිධානය විසින් නියමු ව්‍යාපෘති කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. එහිදී ද නව OFRP යාත්‍රාවක් හඳුන්වා දීම යටතේ ලෝක ආහාර සංවිධානය සහ කාලගුණ විපර්යාස හා විකල්ප තාක්ෂණ හඳුන්වාදීමේ ව්‍යාපෘතිය හා එක්ව වෙනස් වන කාලගුණයට ගැලපෙන අයුරින් නව යාත්‍රාවක් සැලසුම් කරමින් පවතිනවා.

තවද යාන්ත්‍රික බෝට්ටු සහ සෝලා තාක්ෂණයෙන් යුත් බෝට්ටු හඳුන්වාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ වගකිව යුතු ආයතන සමඟ අප අමාත්‍යාංශය සාකච්ජා කර තිබෙනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ මෙරට බහුදින ධීවර යාත්‍රා සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් හඳුන්වා දීමට ද කටයුතු කළා. මේ වන විට බහුදින ධීවර යාත්‍රා 2350 කට එම පද්ධතිය සවි කර ඇති අතර ලබන වසරේ මුල් කාර්තුව අවසන් වන විට ඉලක්කගත යාත්‍රා 4200 සඳහාම යාත්‍රා නිරීක්ෂණ පද්ධති සවි කර අවසන් කරනවා.

යාත්‍රා නිරීක්ෂණ දත්ත උපයෝගී කරගෙන මත්ස්‍ය බිම් පුරෝකථනය කිරීම ද මේ වන විට පර්යේෂණ මට්ටමින් සිදු කෙරෙනවා. ඊට අදාළ විශ්ලේෂණ මෘදුකාංග මේ වන විට නිමවා අවසන් කර තිබෙනවා. ලබන වසරේ සිට යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඊට සමගාමීව මෙම මත්ස්‍ය බිම් පුරෝකථන සේවය එක් කිරීමට ද බලාපොරොත්තු වනවා.

තවද දැනට ක්‍රියාත්මක වන 1996 වසරේ සිට ක්‍රියාත්මක වන ධීවර පනත වෙනුවට ධීවර නිතී යාවත්කාලීන කර නව පනතක් හඳුන්වාදීමට ද කටයුතු සම්පාදනය කරමින් තිබෙනවා. එහිදී කාලීන වෙනස්කම් පිළිබඳව අවධානයට යොමු කර තිබෙන බව කිව යුතුයි. නිතීවිරෝධී ධීවර කටයුතු සම්බන්ධව දැඩි නිතී සකස් කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් රටවල් අතර සාකච්ඡා පවත්වමින් ධීවර කර්මාන්තය ආශ්‍රිත ගැටලු විසඳා ගැනීමට පුළුල් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

ඒ වගේම ලොරෙන්සෝ පුතා – 4 යාත්‍රාව සම්බන්ධයෙන් මේ වනවිට ධීවර දෙපාර්තුමේන්තුව, නාවික හමුදාව සහ විදේශ කටයුතු අමාත්‍යංශය සාකච්ඡා කර තිබෙනවා. සීෂෙල්ස් රාජ්‍යයේ නිතීවලට යටත්ව එම කටයුතු සිදු වනවා.

සීෂෙල්ස් රාජ්‍යයේ නීතිමය කටයුතු අවසන් කර ඉතා ඉක්මණින් ධීවරයින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නීතිපතිවරයා හරහා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT