Local

රුසියානුවන් දෙදෙනෙකුට දැවැන්ත දඩයක්..

Wednesday, 16 October 2024 - 12:47 pm

සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වි මෙරටට ආවේනික වු ජෛව සම්පත් එක්රැස් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් දෙදෙනා (15) දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා සැකකරුවන් දෙදෙනාට රු එකලොස් කොටි හැට අට ලක්ෂ දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිළුම් ප්‍රනාන්දු මහතා නියෝග කලේය.

මෙසේ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) යන අයටයි.

සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලිමක් කරමින් කියා සිටියේ එම දඩ මුදල කොටස් වශයෙන් ගෙවිමට නියෝගයක් ලබාදෙන ලෙසත්, (15) දින එම දඩ මුදලෙන් ලක්ෂ පහලෝවක මුදලක් අධිකරණය වෙත ගෙවන බවයි.

එම ඉල්ලිමට වනජිවි නිලධාරින්ගේ විරෝධයක් මතු නොවු නිසා දෙපාර්ශව පිලිබදව කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා යලිත් මෙම නඩුව ලබන මස (26) දින කැදවිමට නියෝග කල අතර, දඩ මුදල සම්පුර්ණයෙන්ම ගෙවා අවසන් කරන තෙක් සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තවදුරටත් රදවා ගැනිමට නියෝග කෙරිණ.

සැකකරුවන් දෙදෙනා ඉකුත් අගොස්තු මස (28) දින එම රක්ෂිතයන් තුලට ඇතුල් වි ජෛව සම්පත් මංකොල්ලකමින් සිටින බවට ලද තොරතුරක් මත නුවරඑලිය හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල, නුවරඑලිය ගැල්වෙස්ලැන්ඩ් ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රභාෂ් කරුණාතිලක යන මහතුන් ඇතුළු වනජිවි නිලධාරින් කණ්ඩායමක් සිංහරාජ ලෝක උරුම වන්නාන්තරය වෙත ගොස් වැටලිමක් සිදු කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණ සිදු කිරිමේදි සැකකරුවන් නවාතැන්ගෙන සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක සගවා තිබු ජෛව සම්පත් 230 ක් තම භාරයට ගත් බව එම වැටලිමට එක් වු හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල මහතා පැවසිය.

එම සැකකරුවන් දෙදෙනා ඉකුත් අගොස්තු මස (29) දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

එක් සැකකරුවෙකුට චෝදනා 1067 බැගින් ගොණු කල බවත්, වනජිවි දෙපාර්තුමේන්තු ඉතිහාසයේ ජෛව සම්පත් මංකොල්ලයකට නියම කල වැඩිම දඩ මුදල මෙය බවයි ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල කියා සිටියේ.

සැකකරුවන්ගේ චෝදනා වලට අමතරව සැකකරුවන් විසින් එක්රැස් කර තිබු ජෛව සම්පත් සම්බන්ධයෙන් කුමන සජිවි සත්ව කාණ්ඩයක්ද යන්න පිලිබදව වාර්තාවක් සත්ව උද්‍යාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් සහ සතුන් මත් කිරිම සම්බන්ධයෙන් පසු පර්යේෂණ ආයතනයෙන් වාර්තා කැදවා එම වාර්තාද අධිකරණය හමුවේ ඉදිරිපත් කල බවයි ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල කියා සිටියේ.

එම චුදිතයන් දෙදෙනා මෙරටට ආවේනික දුම්බර අං කටුස්සා, පලා කටුස්සා, ඇහැටුල්ලා, කණාමැදිරියන්, ගොළුබෙල්ලන්, සිංහරාජ වනාන්තරයට ආවේනික රක්වාන ගෙම්බන් ඇතුළු ජෛව සම්පත් 230 ක් එක්රැස් කර තිබුණි.

වනජිවි දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිත වලට ඇතුල් වි මෙවැනි ජෛව සම්පත් මංකොල්ලකැම් සිදු කරන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නිරන්තරයෙන් කටයුතු කරන බවද ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල මහතා වැඩිදුරටත් පැවසිය.

වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල් චන්දන සුරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කල බවත්, මෙම මෙහෙයුම හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ක්ෂේත්‍ර සහයක ඇල්කඩුව මහතා සහ රියදුරු මහතා සහභාගි වි ඇත.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT