Local

කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක්

Thursday, 23 November 2023 - 1:47 pm

කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළෙහි ඉහළ ඉල්ලුමක් පවතින නිසා කිතුල් පැණිවල ප්‍රමිතිය තහවුරු කිරීම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි..

අමාත්‍යවරයා කිතුල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සමග පසුගියදා පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව උපදෙස් ලබා දී ඇත.


මේ වනවිට එම නීති හා රෙගුලාසි සැකසීමේ කටයුතු අවසන් කර ඇති අතර ඉදිරියේදී එම නීති හා රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට කිතුල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා තිබේ.


දැනට රට තුළ අලෙවි කරන කිතුල් පැණි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධව ඇතැම් අවස්ථාවල ගැටලු සහගත තත්ත්වයන් පැන නැගී තිබේ. ඇතැම් නිෂ්පාදනවලට සීනි කවළම් කිරීම නිසා කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියේ දී නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව වී ඇත.


මෙරට සමස්ත කිතුල් ගස් ප්‍රමාණය මිලියන 03ක් වන අතර ඉන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ සියයට 20ක් පමණි. ඉතිරි සියයට 80ක ප්‍රමාණය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා ඇත. කිතුල් කර්මාන්තකරුවන්ලේ ඉල්ලීම පරිදි වනජීවි හා වනසංරක්ෂණ කළාපවල ඇති කිතුල් ගස් මැදීම සඳහා එම කර්මාන්තයේ යෙදෙන්නන්ට ඊට ඇතුලුවීම සඳහා අවසර ලබා දෙන ලෙස අමාත්‍යවරයා වනජීවි හා වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිනි.

 


ඒ අනුව එකී කලාපවල ඇති කිතුල් ගස් මැදීම සදහා අවසර ලබා දීමට වනජීවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවය පළ කර තිබේ.


මේ නිසා 2024 වසරේ මෙරට කිතුල් කර්මාන්තයේ සංවර්ධනය සඳහා 2023 වසරට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මෙවර අයවැය ලේඛනය මගින් ලබා දීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.2023 වසරේ කිතුල් කර්මාන්තය සඳහා ලබා දුන් මුදල රුපියල් මිලියන 02ක් වුවද, 2024 වසර සඳහා රුපියල් මිලියන 24ක මුදලක් ලබා දී තිබේ.
එසේම කිතුල් කර්මාන්ත සංවර්ධනයට කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය වැඩසටහන හා ඒකාබද්ධව කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT