Local

ජනපති විපතට පත් ජනතාවගේ සුව දුක් බැලීමට කොළොන්නාවට

Tuesday, 04 June 2024 - 7:32 am

ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් ද වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මුල්ලේරියාව සහ IDHරෝහල වෙනත් ස්ථාන‍යකට ගෙන යාමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ කොළොන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර අනතුරුව කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරයේ පැවති සාකච්ඡාවට එක් වෙමින් මෙම උපදෙස් ලබා දුන්නේය.

අවතැන් වූ ජනතාව රඳවා සිටින අඹතලේ ගල්වාන පුරාණ රජමහා විහාරය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ රජමහා විහාරය, කොළොන්නාව ටෙරන්ස් .එස්. සිල්වා විද්‍යාලයේ හා වැල්ලම්පිටිය ගාමිණී විද්‍යාලයේ ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත පැමිණි ජනාධිපතිවරයා ජනතාවගේ සුවදුක් විමසා බැලූ අතර ඔහුන්ගේ අවශ්‍යතා සොයා බලමින් ඒවා අඛණ්ඩව සපුරාලීමට ද නිලධාරීන්ට දැනුම් දුන්නේය.

කොළොන්නාව ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට අද රාත්‍රීයේ සිට ආහාර ලබාදීමට කටයුතු කරන ලෙස ද කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දුන් ජනාධිපතිවරයා විශේෂයෙන්ම එම ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

ගංවතුර පාලනය කිරීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් නාගරික සංවර්ධන අධිකාරිය,ආපදා කළමනාකරණය දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයනත එක්ව සකස් කරන ලෙසද දැනුම් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නළ මාර්ග භාවිතා කර ගංවතුර වේගෙන් බැස යාමට සළස්වා ජනතාව නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය.

ආපදා තත්ත්වයෙන් අවතැන්ව ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාවගේ නිවාස සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

කොළොන්නාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ වෙනුවෙන් ප්‍රජා පොලිසියේ දායකත්වයෙන් ජංගම මුර සංචාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවයි.

ආපදා තත්ත්වයට පත් වූ ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමේදී ඉතා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට යුද හමුදාවට උපදෙස් දුන් සාගල රත්නායක මහතා ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමට වගබලා ගන්නා ලෙස ද නිලධාරීන්ට දැනුම් දුන්නේය.

එසේම ආපදා තත්ත්වය පහව යන තුරු ජනතාවට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා නිලධාරින්ගෙන් සමන්විත තාවකාලික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට ද උපදෙස් දුන් අතර ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ ඇතිවිය හැකි ඩෙංගු, මී උණ, පාචනය ඇතුළු වසංගත රෝග පාලනය සඳහා දැන් සිටම විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉදි කර දීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් අර්ධ හානී සිදුවූ නිවාස සහ ගොඩනැගිලි පිළිබඳ වාර්තා කඩිනමින් ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවත් පැවසීය. එම වාර්තා අනුව ඒ පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, නීතිඥ ප්‍රේමනාත් .සී. දොළවත්ත, එස්.එම්.මරික්කාර්, ජනාධිපති වෘත්තීය සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT