ලාංකීය ප්‍රජාවට යම් උවදුරක් හෝ පීඩාවක් සිදුවන ඕනෑම මොහොතක මෙරට පුරවැසියන් අමතක නොකරන ලයිකා ඥානම් පදනම (Lyca’s GNANAM foundation) පසුගියදා නැගෙනහිර පළාතට බලපෑ අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුරෙන් හුදෙකලා තත්ත්වයට පත් ගම්මානවල පීඩාවට පත්වූවන් සඳහා සහන සැලසීමට ඉදිරිපත් වුණා.
ඒ උතුම් සංකල්පය දියත් කෙරුණේ ලයිකා ඥානම් පදනම, ලයිකා සමූහය, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සහ ලයිකා හෙල්ත් යන සමාගම්වල සභාපති ආචාර්ය අල්ලිරාජා සුභාස්කරන් මහතා සහ එතුමාගේ ආදරණීය මෑණියන් වන ඥානම්භිකා අල්ලිරාජා මහත්මිය සමඟින් දයාබර බිරිඳ ප්‍රේමා සුභාස්කරන් මහත්මියගේ ඇපකැප වීමෙන්.