Local

ගම්වල සංවර්ධන යෝජනා සැකසීමේදී අලුත් විදිහක්

Monday, 19 February 2024 - 12:44 pm

ගම්වල සංවර්ධන යෝජනා සැකසීමේදී ගමේ පුළුල් නියෝජනයක් සහිත ග්‍රාමීය කමිටු මගින් අදාල යෝජනා සකස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

කදුකර දශකය සහ දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන්වලදී මහජන නියෝජිතයන්ගේ සහ ජනතා සහභාගීත්වය අනිවාර්ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු අවධාරණය කරන්නේ කදුකර දශකය සංවර්ධන වැඩසටහනේ යෝජනා ලබා ගැනීම මේ මස 29 වැනිදා වන විට අවසන් කරන බවයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සදහන් කළේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කදුකර දශකය සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට පසුගිය සිකුරාදා (16) සහභාගි වෙමිනි. එය පැවැත්වුණේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්වුණේ එහි සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය හා ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී අදහස් දක්වමින් ඇමතිවරයා සදහන් කළේ මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 ක, ග්‍රාම නිළධාරී වසම් 567 ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, හාලිඇල, හපුතලේ, හල්දුම්මුල්ල, කන්දකැටිය, ලුණුගල, මහියංගනය, මීගහකිවුල, පස්සර,රිදීමාලියද්ද, සොරණාතොට, ඌව පරණගම සහ වැලිමඩයි.

මෙම වැඩසටහන සිදු කර ගෙන යාමේදී මතුවන තාක්ෂණික ගැටළු හා වෙනත් ගැටළු සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී සාකච්ඡා කර විසදුම් ලබා ගත හැකි බවද අමාත්‍යාවරයා සඳහන් කළේය.
ග්‍රාමීය කමිටු හරහා හදුනා නොගත් ව්‍යාපෘති යෝජනා අනුමත නොකරන්නැයි අමාත්‍යවරයා මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

සංවර්ධන යෝජනා ලබා ගැනීම මේ මස අවසන් කෙරුණද නැවත යෝජනා සළකා බැලීම සඳහා තවත් සති දෙකක් කාලයක් ලබා දීමටද මෙහිදී අවධානය යොමු විය.

කදුකර දශකය වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ ක්‍රියාත්මක කරන්නේ ගමට ගැලපෙන සංවර්ධන යෝජනා ජනතාවගෙන්ම ලබා ගෙන එය ක්‍රියාත්මක කිරීමේ අරමුණින්. මේ වැඩසටහන මාර්තු මාසය වනවිට ආරම්භ කර ජුලි 31 වැනිදා වනවිට අවසන් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මෙය ජනාධිපිතුමාගේ විශේෂ වැඩසටහනක්. එතුමාගේ අධික්ෂණය යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කමිටුවක් හරහා. සංවර්ධන ව්‍යාපෘති හදුනාගැනිමේදී ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. එහිදී ප්‍රමුඛතා ලැයිස්තුවක් හදා ගෙන ඒ අනුව කටයුතු කරන්න. මොකද අපිට ලැබෙන මුදල් සීමිතයි. ප්‍රමුඛතා ලේඛනය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවට යොමු කර අනුමැතිය අරගෙන තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ.

ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවරු හා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරු කැඳවලා අපි මේ වැඩසටහන පිළිබඳව දැනුවත් කළා. මෙහි ප්‍රතිලාභ කෙලින්ම ගමේ ජනතාවට ලැබෙන්න කටයුතු කරන්න කියලා මේ චක්‍රලේඛනයේ සඳහන් වෙනවා. පසුගිය වසර තුන තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක නොවු නිසා මේ වැඩසටහනේ උපරිම ප්‍රයෝජන ජනතාවට ලැබිය යුතුයි. මේ හරහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් ලක්ෂ 1,000ක් ලැබෙනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අපි ප්‍රධාන සංවර්ධන කේෂ්ත්‍ර 10 ක් හදුනාගෙන තිබෙනවා. ජීවනෝපාය සංවර්ධනය, වෙළදපොළ හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, අධයාපනය, පානීය ජල පහසුකම්, කෘෂි හා සුළු වාරිමාර්ග, විදුලිබල හා පුනර්ජනනීය, දුරකතන හා අන්තර්ජාල, සෞඛ්‍ය හා සනීපාරක්ෂක, පරිසර සංරක්ෂණය හා ආපදා කළමණාකරණය සහ නිවාස පහසුකම් වැඩිදියුණු කිරීම එම ක්ෂේත්‍ර 10යි. කඳුකර ප්‍රදේශවල ජීවත්වන වතු ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීමට කටයුතු කිරීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.”

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පී.එස්.පී. අබේවර්ධන යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 
 
 
 


Top Stories
wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

wedivistara

අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට

wedivistara

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

wedivistara

අක්මීමන වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට

wedivistara

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට තීරණයක්

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර

wedivistara

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදෙයි


NEWS ALERT