Local

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

Friday, 13 June 2025 - 4:50 pm

මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ, මේ හේතුවෙන් ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුව ඇති බවයි.

මෙම මාර්ග වෙනස් කිරීම් හේතුවෙන් යුරෝපය වෙත ක්‍රියාත්මක ගුවන් ගමන්හි කාලය දීර්ඝ වීමක් සිදුවිය හැකි බවද ශ්‍රීලංකන් ගුවන් සේවය සදහන් කරයි.

එහිදී අද (13) ලන්ඩනයේ සිට කොළඹට පැමිණෙන UL504 ගුවන් යානය, යළි මාර්ගගත කිරීම හේතුවෙන් ඉන්ධන පිරවීම සඳහා දෝහා වෙත හරවා යවනු ලබන අතර බලපෑමට ලක් වූ ගුවන් අවකාශය මඟ හැරීම සඳහා කොළඹ සිට පැරිස් දක්වා UL501 යානයේ ද ගමන් මාර්ගය වෙනස් කර තිබේ.

තවද පහත සඳහන් අංක ඔස්සේ මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.

1979 (ශ්‍රී ලංකාව තුළ) 94 11 777 1979, (ජාත්‍යන්තර) 94 74 444 1979


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT