අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව බදුල්ල, සිරිමල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අන්තර්ජාලයේ මුදල් ආයෝජනය කරවන බවට පවසා මුදල් තැන්පත් කරවීමට පොළඹවාගෙන, එම මුදල් පුද්ගලික බැංකු ගිණුමකට තැන්පත් කරවා ගෙන රුපියල් 1,680,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඊයේ (16) සවස මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.