Local

රජයේ නව පත් කිරීම් දෙකකට කැබිනට් අනුමැතිය

Tuesday, 03 December 2024 - 7:44 pm

අග්‍රාමාත්‍ය කාර්යාලයේ දැනට පවතින අතිරේක ලේකම් තනතුරු පුරප්පාඩු 02ක් සඳහා පත් කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කල යෝජනාවටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි චාන්දනී සාගරිකා බෝගභවත්ත මහත්මිය මෙම තනතුරු සඳහා නම් කර තිබෙනවා.

ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතා මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන අතර චාන්දනී සාගරිකා බෝගභවත්ත මහත්මිය මේවන විට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියක වශයෙන් සේවය කරනු ලබනවා.

ඇයව අදාළ තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කිරීමටයි යෝජනා වී ඇත්තේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරේ පූර්ණකාලීව වැඩබැලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරි එම්.ජී.සී.එස්. රණසිංහ මහතා පත් කිරීමට ද අනුමැතිය හිමිව ඇති අතර ඔහු මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සේවය කරනු ලබනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT