Local

ජොනී පනී.. අල්ලන්න රහස් පොලිස් මෙහෙයුම්..

Thursday, 17 October 2024 - 3:51 pm

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට නොහැකි වී ඇත.

එම දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ කණ්ඩායම් කිහිපයක් දින තුනක් තිස්සේ ඔහු සොයා මෙහෙයුම් සිදුකළද කිසිදු තොරතුරක් ඊයේ වනතුරු ලැබී නැති බව වාර්තා වෙයි.

ඒ මහතා පදිංචිව සිටින නිවස හා රැඳී සිටින ස්ථාන සියල්ල පරීක්ෂා කළද මෙතෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකි වී නැත.

නීති විරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඔහුගෙන් ලබා ගැනීමට නියමිතව ඇත.

සැක කටයුතු මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණි ලෙස හිටපු මන්ත්‍රීවරයට දැනුම් දී තිබුණද අසනීප තත්වයෙන් පසුවන බව දැනුම් දෙමින් ඔහු ඊට ඉදිරිපත්වීම මඟ හැර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT