Local

මැතිවරණයක් පැවැත්වෙන මාසයක් ගැන ඉඟියක්

Tuesday, 09 January 2024 - 9:16 am

මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලයකට පසුව ශ්‍රී ලංකාවෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton මහතා පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළේය. මෙම හමුව බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු වූ අතර එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

නවසීලන්ත මහකොමසාරිස්වරයාගේ දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවාව අගය කළ කෘෂිකර්ම අමාත්‍යවරයා අප රටේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සදහා නවසීලන්ත රජය මගින් ඉදිරියටත් සහයෝගය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

“ඔබ අපේ රට තුළ දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවාවක් ඉටු කළා. ඒ සම්බන්ධව මම රජය වශයෙන් ඔබට කෘතඥතාවය පළකරනවා” යැයි ද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ නවසීලන්ත තානාපතිවරයා මෙම වසර මැතිවරණ වසරක් ද යන්න අමාත්‍යවරයාගෙන් විමසීය

“ඔව්. මෙම වසර මැතිවරණ වසරක්. මම මගේ අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේ 2024 වසරට මාස දොළහක් නැහැ. මේ වසර අවසන් වන්නේ ඔක්තෝබර් මාසයෙන් ලෙස සළකා සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.

මහමැතිවරණය හෝ ජනාධිපතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට අනිවාර්යයෙන් පැවැත්වෙනවා. රජය මෙම වසර මැතිවරණ වසරක් ලෙස නම් කර තිබෙනවා.”

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට තරග කරන්නේ ද යන්න නවසීලන්ත මහකොමසාරිස්වරයා විමසීය.

“තවම ඒ පිළිබඳ නිශ්චිත පිලිතුරක් එතුමා ප්‍රකාශ කර නැහැ. රට අසීරු අවස්ථාවේ ගොඩනැගීම සඳහා එතුමා විශාල කාර්යයක් ඉටු කළා. ඒ වගේම දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්ව සිටින අපේක්ෂකයින් අතරින් ඊට සුදුසුම අපේක්ෂකයා ජනාධිපතිතුමන් බව මගේ විශ්වාසයයි. නමුත් තරග කරනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ජනාධිපතිතුමන් විසින්” යැයි ද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සඳහා තිබෙන සුදානම සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ඉදිරියේ දී ඒ සම්බන්ධව තීරණය කරනු ඇති බවත්, මෙතෙක් ඒ පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අවධාරණය කළේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT