Local

මහනුවරට පැමිණෙන වන්දනා බස් නැවැත්වීමට පොලීසියෙන් තීරණයක්

Thursday, 24 April 2025 - 9:04 pm

සිරි දළදා වන්දනාව සඳහා විශාල වන්දනාකරුවන් ප්‍රමාණයක් මහනුවර නගරයට එක්රැස්වීම නිසා වන්දනා බස්රථ නගරයට ඇතුළු කිරීම සීමා කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගලගෙදර - කුරුණෑගල සිට පැමිණෙන මහජනතාව මාවතගම පොලිස් වසමේ මැටිබොක්ක ප්‍රදේශයෙන් බස්රථ නැවැත්වීමටත්, මාතලේ ප්‍රදේශයෙන් පැමිණෙන බස්රථ අලු විහාරය ප්‍රදේශයෙන් නැවැත්විමටත් තීරණය කර ඇති බවයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සඳහන් කළේ.
එසේම මහියංගනය මාර්ගයෙන් පැමිණෙන බස්රථ හසලක ප්‍රදේශයෙන් නැවැත්වීමටත්, හඟුරන්කෙත ප්‍රදේශයේ සිට පැමිණෙන බස්රථ මහිලපිටිය රණවිරු ස්මාරකය ප්‍රදේශයෙන් නැවැත්වීමටත්, ගම්පොළ ප්‍රදේශයෙන් පැමිණෙන බස්රථ වැලිගල්ල ප්‍රදේශයෙන් නැවැත්වීමටත්, කෑගල්ල ප්‍රදේශයේ සිට පැමිණෙන බස්රථ මාවනැල්ල ප්‍රදේශයෙන් නැවැත්වීමටත් තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT