Local

ඉන්ධනවලට VAT ගැහුවොත් යළි විදුලි ගාස්තු ඉහළ යාමේ හැකියාවක් ඇති බවට අනාවරණය වෙයි

Friday, 08 December 2023 - 5:28 pm

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් ගැටලු පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා පවසනවා.

ඒ අනුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ සඳහන් කළේ, මෙම රැස්වීම සඳහා විදුලිබල ක්ෂේත්‍රයට අයත් රාජ්‍ය නිලධාරීන් කැඳවා තිබූ නමුත් මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් එයට නොපැමිණ එම රැස්වීම මගහැරීමට කටයුතු කළ බවයි.

විදුලි බිල සංශෝධනය කිරීමට අදාළව නිවැරදි තාක්ෂණික ඇගයීමක් සිදුකර හෝ නිවැරදි මතයක් ඔවුන්ට නොමැති බවත් ඔවුන් සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් යොමු කළ ගාස්තු වැඩිවීම ඔවුන් අනුමත කිරීම පමණක් සිදුකර ඇති බවයි කාරක සභා සභාපතිවරයා සඳහන් කළේ.

වැට් බද්ද ඉන්ධන සඳහා එක්කළහොත් එයට සාපේක්ෂව විදුලි බිල වැඩි කළ යුතු බවට විදුලිබල මණ්ඩලයේ මතය වී ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT