Local

යුක්තියට මාසයයි – රටේ අපරාධ පහළට

Thursday, 18 January 2024 - 7:12 pm

යුක්තිය මෙහෙයුම ආරම්භ කර ඊයේ(17) දිනයට මාසයක් සම්පූර්ණ විය.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමඟ රටේ සමස්ත අපරාධ 17 %කින් පමණ අඩු වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අද(18) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

යුක්තිය මෙහෙයුම යටතේ 2023.12.17 සිට මාසයක කාලයක් සිදු කළ ක්‍රියාන්විතයේ දී දිවයින පුරා අපරාධකරුවන් 40,590ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 38,225 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,365 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,225 දෙනා අතරින් සැකකරුවන් 1,703 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 1,867 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 225 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,801 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍ය වල වෙළදපල වටිනාකම මිලියන 4791 කට ආසන්න වන අතර, තහනමට ගත් දේපල වල වෙළෙදපල වටිනාකම මිලියන 725 කට ආසන්න බව අනාවරණය වී ඇත.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,365 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 536 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 1,499 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 149 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 181 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT