Local

අපිව විස්වාස කරපු දේශපාලන කදවුර රැක ගන්න අවශ්‍යයි..

Tuesday, 29 October 2024 - 9:53 am

බුද්ධි අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය ශක්තිමත් කිරිම තුලින් මේ රට මෙන්ම රටවැසියාද ආරක්ෂා කර ගත හැකි බව ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තු මැතිවරනය සදහා තරග කරන අපේක්ෂයකන්ගේ ජය තහවුරු කිරිම සදහා හැටන් පැවති පාක්ෂික හමුවකදි මේ බව පැවසු නාමල් රාජපක්ෂ මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

‘බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කර ගෙන බෞද්ධ සංස්කෘතිය, ද්‍රවිඩ සංස්කෘතිය, ඉස්ලාම් සංස්කෘතිය ආරක්ෂා කර ගන්න පුලුවන් පක්ෂයක් තමයි ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ.

අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවින්ගේ එලවළු ගොවින්ගේ අදෝනාවක් තියෙනවා එලවළු මිල අඩුවිම සම්බන්දයෙන් ගෝවියට වාසියක් නැති වෙනවා එලවළු මිල අඩු වුනත් එයින් පාරිභෝගිකයාට වාසියකුත් නැහැ.

මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කල යුතුයි හාල් මිල පාලනය කරන්නාසේම එලවළු ගොවියන්ද ආරක්ෂා කරන්නත් පියවර ගත යුතුයි.

ජනාධිපතිගෙන් අපි ඉල්ලන්නේ තානාපති කාර්යාල, ජාත්‍යන්ත්‍රර සංවිධාන ජාත්‍යන්ත්‍රර බුදුධි අංශ සමග කතා කරලා කටයුතු කරන්න කියලායි.

ලෝකයේ බයානකම තස්ත්‍රවාදි සංවිධානයක් මර්ධනය කරපු ත්‍රිවිධ හමුදාවක් පොලිසියක් බුද්ධි අංශයක් අපිට ඉන්නේ එම නිසා මේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ පිලිබදව විස්වාසය තියලා කටයුතු කරන්න කියලා අපි මේ ආන්ඩුවෙන් ඉල්ලනවා මේ රටේ පුරවැසියන් ආරක්ෂා කරන්න ඕන අනිත් පැත්තෙන් සංචාරක ව්‍යාපාරයත් ආරක්ෂා කරන් ඕන .

අපිව විස්වාස කරපු දේශපාලන කදවුර රැක ගන්න අවශ්‍යයි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අපි කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා අලුත්ම කණ්ඩායමක් අලුත් නායකත්වයක් මෙසේ ඉදිරිපත් කර තියෙන්නේ අලුත් ගමනක් යාමටයි.

මේ රටේ ප්‍රශ්න පිලිබදව පාර්ලීමේන්තුවේ හඩක් නගන්නට අපි පියවර ගන්නවා ඒ සදහා අවශ්‍ය සහය අපිට ලබා දිමට පියවර ගන්න.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT