Local

ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට

Sunday, 31 March 2024 - 7:32 am

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා (Vinay Kwatra)ගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පසුගිය 28දා නවදිල්ලි නුවරදී පැවැත්විණි.

මෙහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් සාගල රත්නායක ඇතුළු කණ්ඩායම සාදරයෙන් පිළිගත් අතර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය නැවතත් ධනාත්මක මට්ටමකට පැමිණෙමින් තිබෙන බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපායමාර්ගික ආර්ථික වැඩපිළිවෙළ මත එකඟත්වයට පැමිණි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීමට දෙරටටම හැකියාවක් තිබෙන බවද පෙන්වා දුන්නේය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරිමේ දී ඉන්දීය රජය ලබාදුන් සහාය කෘතවේදීව අගය කළ සාගල රත්නායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ශ්‍රී ලංකාවේ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය ද පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී කඩිනම් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් සාගල රත්නායක එහිදී ඉන්දියාව සමඟ පවතින ආර්ථික ඒකබද්ධතාව වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතාව ද මෙහිදී සිහිපත් කළ රත්නායක සමීපතම අසල්වැසියන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති කරගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

දෙරට අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ව්‍යාපෘති නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේම අවධානය යොමු වු අතර සැම කාර්තුවකදීම එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට ද තීරණය කෙරිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT