සැකකරු සන්තකයේ තිබී නිරුවත් ඡායාරූපය අඩංගු ජංගම දුරකතනය, එය සකස් කිරීමට යොදාගත් මෘදුකාංගය හා කාන්තාවන්ගේ නිරුවත් ශරීර කොටස් ඇතුළත් ඡායාරූප රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණිය පරිගණක අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එකම ආයතනයේ සේවය කරන පැමිණිලිකාරිය සැකකරුට යම් යම් අවස්ථාවල මුදල් ලබා දී ඇති අතර ඔවුන් ඉතා කුළුපගව රාජකාරි කටයුතු සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු වෙළෙඳ සේවිකාව කෙරෙහි ඇල්මක් ඇතිකරගෙන සබඳතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ දරා ඇති අතර වෙෙළඳ සේවිකාව එයට අකමැති වීමෙන් අනතුරුව සැකකරු ඇයගේ මුහුණේ ඡායාරූපයකට නිරුවත් කාන්තාවකගේ ශරීරය බද්ධ කර ඡායාරූපයක් සකසා ඇය සමාජයේ නරක ගැහැණියක් ලෙස ආයතනයේ අනෙකුත් සේවක සේවිකාවන්ට මෙන්ම නිලධාරීන්ට ද පෙන්වා වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ මුදාහැර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වෙෙළඳ ප්‍රදර්ශනාගාරයේ හය දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනුණි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පරිගණක අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක, නදීකා දිසානායක මහත්මීන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක පොලිස් කොස්තාපල් කේෂාන් හා හේවගේ මහත්වරු පරීක්ෂණ පවත්වති.
(බණ්ඩාරගම - බිමල් ජයසිංහ)