කොවිඩ්-19 වසංගතයෙන් වසර 05 කට පසු මේ දිනවල චීනය තුළ තවත් වෛරසයක් පැතිර යමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින බවයි සඳහන් වෙන්නේ.
චීනයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව වෛරසය රටේ උතුරු ප්‍රදේශ පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, චීනයේ රෝග පාලනය සහ නිවාරණ මධ්‍යස්ථානය විසින් තහවුරු කර ඇත්තේ උතුරු චීනයට මේ හරහා බලපෑම් එල්ල වී ඇති බවයි.
සියලුම වයස්වල පුද්ගලයින්ට ආසාදනය කළ හැකි HMPV, ළමුන් තුළ බහුලව දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
චීන නිලධාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ වන තෙක් මෙම වෛරසය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.