Local

අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මැතිවරණ ඉල්ලා සිටින තැනට වෙනස් වෙලා – රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්

Thursday, 11 July 2024 - 6:45 am

අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වන විට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

එවැනි තත්ත්වයක් රටේ ඇති වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව අභියෝගය බාරගෙන රට ගොඩනැගීමට කටයුතු කළ නිසා බව ද ඒ මහතා සඳහන් කළේය.

වෙ‍ළඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

පසුගිය කාලයේ දැඩි ආර්ථික පරිහානියක තිබූ මේ රට දැන් ක්‍රමානුකූලව ඉදිරියට යමින් තිබෙනවා. එදා රටේ පැවතියේ අතේ සල්ලි තිබුණත් අවශ්‍ය දේවල් මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් බව සිහිපත් කළ යුතුයි. මේ වන විට භාණ්ඩ මිල ගණන් පවා යම් ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. පැවති තත්ත්වයට සාපේක්ෂව වත්මන් තත්ත්වය යහපත් නමුත්, අපට ජය ගැනීමට තවත් අභියෝග රැසක් තිබෙනවා. මේ අභියෝග මධ්‍යයේ වුව ද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ජනතා ගැටලු විසදීමට ක්‍රියාශීලිව කටයුතු කරමින් සිටිනවා.

රට ආර්ථික වශයෙන් තවදුරටත් සංවර්ධනය වන විට ජනතාවට තිබෙන ප්‍රශ්න විසඳෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. අර්බුද සමයේ රට ආර්ථික වශයෙන් කඩා වැටෙන විට ඇතැමුන් රට හැර ගියා. ඇතැම් දේශපාලන නායකයන් හැංගුණා. තවත් දේශපාලන නායකයන් රට භාර ගන්න ඉදිරියට ආවේ නැහැ. ඒ මොහොතේ ජරනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව ඉදිරියට ඇවිත් මේ රට භාර ගත්තා.

අරලගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව පවා දැන් නොබියව වේදිකා මතට නැඟී විවිධ කතා කියමින් මැතිවරණ ඉල්ලා සිටින තරමට රටේ තත්ත්වය වෙනස් වී තිබෙනවා. මඩ පොකුණක මාළු බෑම පහසු බව ඔවුන් සිතනවා විය හැකියි. කොහොම නමුත් පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මෙහොතේ වැඩි අවධානයක් යොමු කරන්නේ රටේ ජනතාව පීඩාවට පත්වන ගැටලු විසඳීමටයි. එම වැඩපිළිවෙළ සාර්ථකව නිම කිරීමට රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස මමත් හැකි පමණින් දායක වී සිටිනවා.

එමෙන්ම අඩු මිලට භාණ්ඩ මෙරටට ආනයන කර වැඩි මිලට අලෙවි කරන හෝ තිබෙන භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීමට මිල නියම කරන දැවැන්ත මාෆියාවක් මේ රටේ ක්‍රියාත්මක වනවා. අප එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. එම කාර්යයේදී සමුපකාර සමිතිවලට වැඩි වගකීමක් පැවරෙනවා. මිලියන 03ක පමණ සාමාජිකයින්ගෙන් යුත් සමුපකාර ජාලය හරහා නිෂ්පාදන බෙදාහරින අතර තුර සෘජුවම භාණ්ඩ ආනයනය කර අඩු මිලට ජනතාවට අලෙවි කිරීමට හැකියාව තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT