Local

ක්‍රිකට් නඩුව දෙසැම්බර් 13 වනදා දක්වා කල් තබයි

Tuesday, 05 December 2023 - 9:37 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙසැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

පෙත්සම අද (05) කැඳවූ අවස්ථාවේදී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල් අවශ්‍ය බව දන්වා තිබෙනවා.

ඒ අනුව නඩුව දෙසැම්බර් මස 13 වනදා දක්වා කල් තබා ඇති අතර එදින තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් නොගන්නා බවද ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 


Top Stories
wedivistara

මම තව වැඩි කාලයක් දේශපාලනයේ ඉන්නේ නෑ - අර්ච්චුනා

wedivistara

පැමිණිලි යොමුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

wedivistara

ඡන්ද හිමි නාම ලේඛනය ඩිජිටල් කිරීමට පියවර

wedivistara

අද වායු තත්ත්වය මධ්‍යස්ථ මට්ටමක

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

Trending
wedivistara

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

wedivistara

ආපදා සහන සේවා සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

බන්ධනාගාරගත කර සිටියදී රෝහලෙන් පැන ගිය සැකකරු, බීමතින් රිය පදවා නැවත අත්අඩංගුවට

wedivistara

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

wedivistara

2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණ 188 ක්


NEWS ALERT