Local

ගංවතුර ට්‍රැෆික් නිසා දුම්රිය මාර්ගයේ ධාවනය කල බසයේ රියදුරු අත්අඩංගුවට

Sunday, 02 June 2024 - 8:32 pm
Breaking News

අවිස්සාවේල්ල - පුවක්පිටිය ප්‍රදේශයෙහි පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් පැවති අධික රථවාහන තදබදයෙන් මීදී යෑමට බස් රථ රියැදුරකු ඉතා අපරික්ෂාකාරීව තම බස් රථය මාර්ගයට සමාන්තරව ඇති දුම්රිය මාර්ගයට හරවා එහි ධාවන සිදුකළ අවස්ථාවක් අද උදෑසන වාර්තා විය.
එය අසල සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් රූගත කර තිබූ අතර අන්තර්ජාලයට යොමු කිරීමෙන් පසු මෙම සිදුවීමට අදාළ  සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පවතින වර්ෂාපතනයත් සමඟ කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදුනොවන නිසා තමුන් බස් රථය එසේ ධාවනය කළ බවත් මගීන්ට අවශ්‍ය වූයේ ඉක්මනින් යන්න ලෙසත් ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ පවසා තිබුණි.
 පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙක් වන බවත්, සිදු කර ඇත්තේ බරපතල වරදක් බවත්ය. මගී ජනතාවට ඉක්මණින් යාමට කියා ඔහු තොරාගෙන ඇත්තේ අන්තරායකාරී මගක් බවත් එම ක්‍රියාව නීතියට පටහැණි බවත්ය.
එම රියදුරු අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT