Local

‘උගන්ඩාවෙන් අපේ සල්ලි ගේන්න ඔ්න නැද්ද..’ අවබෝධයෙන් බොරු කියූ අයගේ නීතීඥකම අහෝසි කරන්නැයි නඩු…

Wednesday, 13 November 2024 - 1:30 pm

මෙරටින් සොරකම් කල ධනය උගන්ඩාවේ සගවා ඇතැයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණ අපේක්‍ෂිකාවක් පසුගිය ජනාධිපතිවරණ වේදීකාවේදී සිදුකල සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

පැමිණිල්ලිකරු වන හර්ෂ ප්‍රියංග මහතා විසින් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වීය.

“පහුගිය ජනාධිපතිවරණයේ දී මතුකළ ප්‍රධාන කරුණක් වූයේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් සොරකම් කර විදේශ රටවල ආයෝජනය කර තිබෙන බවයි.

නීතීඥ වරියක් වන අපේ රටේ මුදල් උගන්ඩාවේ සඟවා තිබෙන බවත් මැතිවරණයෙන් පසු ඒ මුදල් නැවත ලබා ගන්නා බවත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කලා. පහුගිය කාලයේ අපේ රටේ ජනතාව තෙල් නැතුව, ගෑස් නැතුව අසරණ වුණේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් උගන්ඩාවට ගිහින් ආයෝජනය කරපු නිසා කියලා මතයක් ඇති වුණා.

නමුත් එවැනි දෙයක් සිදු නොවූ බවත්, නීත්‍යානුකුලව අපේ රටේ සමාගමක් විසින් එම මුදල් රැගෙන ගිය බව එතුමියම මැතිවරණයෙන් පසුව ප්‍රකාශ කලා. මේ තුලින් පක්ෂයක්‌ ලෙස අපි විශාල ලෙස අසරණ භාවයකට පත් වුණා.රට ආරක්ෂා කළ, රටට සෞභාග්‍යය උදා කල නායකයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරමින්, එතුමාගේ දේශපාලන දර්ශනය විනාශ කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස අපි එය සලකනවා.

නීතිඥ වරුන් ඇත්ත කියන, අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ලෙස ජනතාව විශ්වාස කරනවා.නමුත් මෙතුමිය නීතිඥවරියක් ලෙස ඇත්ත වෙනුවට බොරුව සමාජගත කර සමාජය තුල වෛරය වැපිරූ බව අපි විශ්වාස කරනවා.

එතුමිය මෙම වෘත්තීය අවභාවිතා කරමින් සිදුකරන ලද හානිය වෙනුවෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අප ඉල්ලා සිටියා. තව දුරටත් මේ රට තුල බොරුව වංචාව සමාජගත කිරීමට එරෙහිව ගරු අධිකරණය අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බව අපි විශ්වාස කරනවා.”


Top Stories
wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT