Local

අද රට අර්බුදයක් නැතිව පවත්වාගෙන යනවා..

Monday, 21 October 2024 - 9:27 am

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් පසුව මෙරට දේශපාලනය තුළ නව සන්ධිස්ථානයක් ආරම්භ වී ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික විධායක සභික නලීන් හේවගේ මහතා ගාල්ල රත්ගම ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පැවසීය.

මහ මැතිවරණය පැවැත්වීමට පෙරම දූෂිත දේශපාලකඥායින් පරාජය භාර ගෙන තිබේ.

මැතිවරණයට තරග නොකිරීම තුළින් එය පැහැදිලි වෙයි.

රට තුළ දූෂිත දේශපාලනයට ඡන්ද දායකයින් ඉඩ ලබා නොදෙන බව දේශපාලකඥායින් තේරුම් ගෙන තිබේ.

පසුගිය පාර්ලිමේන්තුවේ සිටි දූෂිත දේශපාලකඥායින් කිහිප දෙනෙකු මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් සිටියි.

මැතිවරණයයේදි ඡන්ද දායකයින් ඔවුන්ට නිසිලෙස ප්‍රතිචාර දක්වනු ඇතිබව පැවසීය.

මේ අතර මේවනවිට රටතුළ පාර්ලිමේන්තුව,පළාත් සභාව සහ ප්‍රාදේශීය සභාව නොමැත.

එහෙත් ජනාධිපතිවරයා ඇතුළු තවත් දෙදෙනෙකු මුළු රටම පාලනය කරයි.

එය ඉතා බැරෑරුම් තත්වයකි.

එහෙත් රට මේ වනවිට නිසියාකාරව අර්බුදයකින් තොරව පවත්වාගෙන යන බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT