Local

විශ්‍රාමික කර්නල්ගේ පුත්‍රයා ළඟ හොර 5,000 නෝට්ටු 30ක්

Tuesday, 06 February 2024 - 7:25 am

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාලයක් පවත්වාගෙන ගිය යුදහමුදා විශ්‍රාමික කර්නල්වරයකුගේ පුත්‍රයෙකු රුපියල් 5000ක හොර මුදල් නෝට්ටු 30ක් සහ එක් පැත්තක් මුද්‍රණය කළ නෝට්ටු 10ක් සමඟ අත්අඩංගුවට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම එගොඩඋයන වටරවුම ආසන්නයේ දී සැකකරු පරීක්ෂා කිරීමේ දී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සොයාගෙන සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් මුදල් නෝට්ටු 20ක්, එක් පැත්තක් මුද්‍රණය කළ නෝට්ටු 10ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් තීන්ත බෝතල් 2ක්, කටර් එකක්, අඩි කෝදුවක් මුද්‍රණ කඩදාසි 10ොක් ඇතුළු උපකරණ ද සොයාගත් බව බව පොලිසිය කීය.

සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය, සහකාර පොලිස් අධිකාරී තරිඳු අනුරංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් දූෂණ මර්දන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර, කොස්තාපල් 102110 එවන්ත, පොකොරි 17072 ඩයස් වැටලීමට එක්වූහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT