Local

ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්ව කැපවෙමු

Saturday, 10 February 2024 - 9:24 am

  • ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳා ගැනීමට පුළුල් සැලැස්මක් අවශ්‍යයි.
  • ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳව නැවත අවධානය යොමු කළ යුතුයි.
  • වසර 5ක් තුළ නිදහස් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවිය යුතුයි – 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති අවධාරණය කරයි.

ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සහ දැනුවත්භාවය වැඩිදියුණු කර ගැනීම මඟින් ආරක්ෂිත සහ ස්වාධීන ඉන්දියන් සාගරයක් නිර්මාණය කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2050 වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් වැඩි වන බවට පුරෝකථනය කර ඇති බවත්, ඒ වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී (09) ආරම්භ වූ 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දියන් සාගර සමුළුවේ 7 වන සමුළුව (10) ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වේ.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව ඉන්දීය පදනම විසින් සංවිධානය කර තිබූ මෙවර සමුළුවේ තේමාව වන්නේ “ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන්නයි.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර්, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් යන මහත්ම මහත්මීහු සහ ඉන්දියන් සාගර ආශ්‍රිත රටවල විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් මෙන්ම ඉන්දීය පදනමේ සභාපති රාම් මාධව් මහතා ඇතුළු නියෝජිතයන් සමුළුවට එක්ව සිටී.

සමුළුව අමතා සිය ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පුළුල් කලාපීය සැලැස්මක් අවශ්‍ය බවයි. එය ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA)නායකයන්ට පමණක් කළ හැකි කාර්යයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නාවික හා ගුවන් ගමනාගමනයේ නිදහසට බාධාවක් සිදු නොවන වාණිජ්‍යමය කටයුතු පිළිබඳ චර්යාධර්ම සංග්‍රහයක් මෙන්ම දේශගුණ අර්බුදය සමඟ කටයුතු කිරීම හා ඉන්දියන් සාගරයේ තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාන මාර්ගෝපදේශ මූලධර්ම අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සූවස් ඇළ වැනි දැනට පවතින නාවික ප්‍රවාහන මාර්ග අනාගතය සඳහා ප්‍රමාණවත් විය නොහැකි බැවින්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාව සඳහා නව මුලපිරීම් සහ ශක්‍යතා අධ්‍යයන සිදු කරමින්, දකුණු ඉන්දියාව සමඟ වෙළෙඳාම සඳහා පහසුකම් සලසන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමට උත්සාහ දරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එසේම ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම පිළිබඳව ද ඒ හා සමාන අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.

ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය වෙනුවෙන්, වසර 5ක් තුළ නිදහස් ස්වාධීන පලස්තීන රාජ්‍යය පිහිටුවීම සහ ඊශ්‍රායල් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීම යන ක්‍රියාමාර්ග ඔස්සේ ගාසා තීරයේ යුද ගැටුම් කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


Top Stories
wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

එදා අරලියගහ මන්දිරයට ආපු කිසි කෙනෙක්ගෙ අතේ ආයුධයක් තිබුනෙ නෑ - මහින්ද කහඳගම

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී 20 වනදා දක්වා රිමාන්ඩ්

wedivistara

අනුර කුමාර දිසානායක හා UN නේවාසික සම්බන්ධීකාරක අතර හමුවක්

Trending
wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

විදුලි පේනුවක් අලුත්වැඩියා කරමින් සිටි තිදරු පියා විදුලිසර වැදී මරුට

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර


NEWS ALERT