Local

දුෂ්කරතා හමුවේ වුවත් ගුරුපත්වීම් 16,000ක් ලබාදී ගුරු හිඟය විසඳා තිබෙනවා

Saturday, 27 July 2024 - 8:27 am

  • වසර දෙකක් තුළ රට යථා තත්ත්වයට ගෙන ඒමට ආණ්ඩුව සමත් වුණා – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.

ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත් වූ බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ජනතාව ඉතිහාසයේ දුෂ්කරම තත්ත්වයට මුහුණ දී සිටියදී කිසිවෙකු රට ගොඩ ගැනීමේ වගකීම භාරනොගත් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව රටේ වගකීම භාරගෙන වසර දෙකක් තුළ රට යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධව වන මතාකාවර්ජනයක් මේ මොහොතේ අත්‍යාවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

කොවිඩ් වසංගතය මෙන්ම අරගලය සමඟ මෙරට අනෙකුත් සෑම ක්ෂේත්‍රයක් මෙන්ම සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය ද විශාල අර්බුදයකට ලක්වුණා. වැටුණු රට ගොඩ ගැනීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අප ආණ්ඩුව විසින් භාර ගත්තේ වෙනත් කිසිවෙකු එම වගකීම භාර නොගත් පසුබිමක බව ද පැවසිය යුතුයි. ඒ අනුව එදා පැවති තත්ත්වය වෙනස් කර ගෙවුනු වසර දෙකක කාලය තුළ රට යථා තත්ත්වයට පත්කීරීමට ආණ්ඩුව සමත් වුණා. එබැවින් මේ මෙහොතේ එදා රට පැවති තත්ත්වය සහ අද රට තිබෙන තත්ත්වය පිළිබඳව මතකාවර්ජනයක් අත්‍යවශ්‍යව තිබෙනවා.

ඒ වගේම චීන රජය විසින් මෙරට පාසල් දූ දරුවන් සඳහා 2025 වර්ෂයට අදාළ පාසල් නිල ඇදුම් සැපයීම සියයට සියයයකින් සිදු කරන බව මේ වන විට අමාත්‍යාංශය වෙත තහවුරු කර තිබෙනවා. 2025 වර්ෂයට අදාළ පාසල් පෙල පොත් ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ද හෙට දිනයේ සිට ආරම්භ කරනවා. ප්‍රධාන පෙලේ ජාතික පාසල් හැරුණු විට සෙසු සියළු පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමට ද අප කටයුතු කර තිබෙනවා. ලක්ෂ 17ක සිසු දරුවන් ප්‍රමාණයක් එම ප්‍රතිලාභය ලබනවා.

එමෙන්ම දකුණු කොරියාවේ කොයිකා ආයතනය මඟින් සාගර විශ්වවිද්‍යාලය වෙත ඩොලර් මිලියන 85ක් ලබාදීමට නියමිතයි. වෙනත් විශ්වවිද්‍යාල සඳහා ද විදෙස් ආධාර යටතේ ආරම්භ කර පසුගිය සමයේ අතරමැද නතර කර තිබුණු සංවර්ධන කටයුතු ද මේ වන විට නැවත ආරම්භ කර තිබෙනවා. එය විශ්වවිද්‍යාල පද්ධතියට මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ද ඉතා වැදගත් වන බව කිව යුතුයි.

ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු වෘත්තීය ගැටළු ආශ්‍රිත කරුණු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට අප කටයුතු කරනවා. ඒ යටතේ ගුරු වෘත්තීය ගැටළු පිළිබඳ සමාලෝචනයක් සිදුකර එය නිරාකරණය කිරීමට නියමිතයි. ඒ සමඟ වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට හැකියාව ලැබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරිය එකඟ වූ පරිදි එළැඹෙන බදාදා දිනය වන විට අදාළ නියෝග ලිපි අමාත්‍යංශයට ලැබීමෙන් අනතුරුව පළාත් බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරනවා.

එමෙන්ම ජාතික මට්ටමෙන් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000 ක් පමණ මෙම වකවානුව තුළ ලබාදීමට අප කටයුතු කළා. මෙම පත්වීම් ලබා දුන්නේ ආර්ථික දුෂ්කරතා හමුවේ බව ද සිහිපත් කළ යුතුයි. ඒ අනුව පැවති
ගුරු හිඟයට විසඳුම් ලබා දීමට අප සමත් වී තිබෙනවා.

තවද තාක්ෂණයෙන් ඉහළ Smart Board 2700ක් පාසල් වලට ලබා දීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව අපගේ සැලසුම් වී තිබෙන්නේ සමස්ත පාසල් ජාලයම ඩිජිටල්කරණය කිරීමයි. තව ද ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 400ක් ලබාදීමට සැළසුම් කෙරෙමින් තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT