Local

“IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි

Sunday, 10 March 2024 - 5:14 pm

“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් (10) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවති “IORA” දින 2024 සැමරුම් උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක් විය.

ඉන්දීය සාගර වට අද්දර සංගමය හෙවත් “IORA” සංගමය 1997 වසරේදී ස්ථාපනය වූ අතර මෙම වසරේ සමරනු ලබන්නේ එහි 27 වැනි සංවත්සරයයි.
කඩොලාන පරිසර පද්ධති ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සිදු කළ මුලපිරීම් හේතුවෙන් පසුගිය මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛතා ප්‍රතිනිර්මාණ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාව සාගර සංරක්ෂණය සහ එහි තිරසර සංවර්ධනය සඳහා කැපවී සිටින ප්‍රමුඛතම රටක් බවට පත්ව ඇති මේ මොහොතේ “IORA” දින 2024 සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වීම සුවිශේෂී වේ.

ක්‍රියාකාරකම් රැසක් සමඟ පාසල් සිසුන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වුණු අතර විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටි පාසල් සිසුන් සමඟ සුහද කතා බහකට එක්වූ ජනාධිපතිවරයා සංගමයේ සාමාජික රටවල තානාපති කාර්යාල මෙන්ම මෙරට රාජ්‍ය ආයතන විසින් ස්ථාපිත කර තිබු ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් විය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉදිරිපත් කළ පැරිෂුට් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වු අතර ශ්‍රී ලංකා පොලිසියේ අශ්වාරෝහක අංශය විසින් ඉදිරිපත් කරනු ලැබු අශ්වාරෝහක සංදර්ශනයක්ද පැවැත්විණි.

“අනාගත පරම්පරාව වෙත තිරසාර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” මැයෙන් ජාතික වශයෙන් සහ පලාත් වශයෙන් පැවැත්වූ චිත්‍ර- රචනා තරගයේ සහ සමාජ මාධ්‍ය තරගයේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

එසේම 2024 වසරේ ඉන්දීය සාගර වට අද්දර සංගමයේ 27 වැනි සංවත්සරය සමරමින් සාගර ජීවින්ගේ හැඩයෙන් යුත් අලංකාර සරුංගල් අහසට මුදා හැරීම ද සිදු විය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ මහලේකම් සල්මාන් අල් ෆාරිසි, සාමාජික රටවල තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීට අමතරව පැමිණ සිටි සියලුම පාසල් දරුවන්ට ඉන්දියන් සාගරය පිළිබඳ අවබෝධයක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ “ලංකාදේවී” බෝට්ටුව ආධාරයෙන් මුහුදු චාරිකාවකට එක්වීමට ද අවස්ථාව සලසා දී තිබිණ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT