Local

කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂය ඉක්මවයි

Monday, 14 October 2024 - 9:22 am

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් මෙලෙස අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවය. 

ඒ අනුව පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව වාර්තා වේ.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පුර්ණයෙන් ම විනාශ වී ඇති බව වාර්තා වේ.

පවුල් 1753කට අයත් පුද්ගලයින් 6963 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැදී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

මේ අතර දින කිහිපයක් පුරාවට ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ල ව තිබේ.

එහිදී පවුල් 20,553කට අයත් පුද්ගලයින් 82,839 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10,914කට අයත් පුද්ගලයින් 40,231 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව සදහන් වේ.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කළු, කැළණි, ගිං සහ අත්තනගලු ඔයේ ස්ථාන 05ක ගං වතුර අවදානම පවතින බව වාරිමාර්ග  දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑම් පිළිබඳව පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත්කර ඇති බව සදහන් වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT