Local

13 සම්පූර්ණයෙන්ම දෙනවා කියා අනුර දිසානායක කිවුවා..- සුමන්තිරන්

Thursday, 05 September 2024 - 10:06 am

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව අනුර දිසානායක මහතා උතුරේදී මාධ්‍ය හමුවේ පැවසූ බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.

නමුත් ඔහු දකුනේදී එසේ නොකරන බව මාධ්‍ය හමුවේ සඳහන් කරන බවත් ඒ අනුව තම පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතාට සහාය නොදෙන්නට තීරණය කල බවත් ඔහු පැවසීය.

13 වන ව්‍යවස්ථා සම්ශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ස්ථිර පිළිතුරක් දීමට ඔහුට නොහැකි ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් තම පක්ෂය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කරන ලද බවත් ඔහු එම සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

සිරස නාලිකාවේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT